IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


උසස් පෙළ ප්‍රතිඵල වර්ධනයක්

(රන්ජන් කස්තුරි)

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විද්‍යා ගණිත , ඉන්ජිනේරු සහ ජෛව තාක්ෂණ විෂය ධාරාවල සිසුන්ගේ ප්‍රතිඵල ඉහළ ගොස් තිබේ.

ජීව විද්‍යා අංශයෙන් 2017 වසරේ උසස් පෙළට පෙනී සිටි සිසුන් 44229 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 25178 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබීය. එහි ප්‍රතිශතය  56.88% කි.

එහෙත් මෙවර 2018 ජීව විද්‍යා අංශයෙන් සිසුන් 46244 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 27402 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ.එහි ප්‍රතිශතාත්මක අගය  59.25% කි.

ගණිත අංශයෙන් ඉකුත් 2017 වසරේදී සිසුන් 32075 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 17584 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබිණි. එය  54.82% කි.

මේ වසරේදී ගණිත අංශයෙන් සිසුන් 32311 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 18514 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ.එය ප්‍රතිශතයක් ලෙස  57.20%කි

ඉන්ජිනේරු තාක්ෂණ විශය ධාරාව යටතේ සිසුන් 10.682ක් 2017 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර ඉන් 6163 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ. මෙවර 2018 වසරේදී එම විශය ධාරාව යටතේ සිසුන් 13950 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 80977 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ. එය ප්‍රතිශතයක් ලෙස  58.04% කි.

මීට අමතරව 2017 වර්ශයේදී ජ්‍යෛව තාක්ෂණික විශය ධාරාව යටතේ සිසුන් 6970 දෙනෙක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 4303ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා තිබේ.සමත් වූ සංඛ්‍යාව 61.74% කි.

එහෙත් මෙවර ජෛව තාක්ෂණ විශය ධාරාව යටතේ සිසුන් 9463 ක් පෙනී සිටි අතර විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඉන් 6088 ක් සුදුසුකම් ලබා තිබේ. එය 64.33%කි.

 



අදහස් (4)

උසස් පෙළ ප්‍රතිඵල වර්ධනයක්

lanka Monday, 31 December 2018 05:46 PM

මොන තරම් වර්ධනයක් තිබුණත්, අවසානයේ විශ්වවිද්‍යාලට ඇතුල්වන්නේ සුදුසුකම් ලබාගත් අයගෙන් 17% පමණි.

:       0       0

muditha Tuesday, 01 January 2019 06:56 AM

මහින්ද මහත්මයා අගමැති වීම නිසා තමයි...

:       0       0

channa Tuesday, 01 January 2019 10:17 AM

මෙවර වාණිජ ප්‍රතිඵල වල ගැටළුවක් තියෙනවද.?

:       0       0

Nihal Wednesday, 02 January 2019 06:16 PM

මොන විබාග පාස් උනත් කිසි දෙයක් නිෂ්පාදනය කරන්න බැරි රටක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site