IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උසස්පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන අවසන් තීරණය හෙට

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍යංශය ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වීමේ අවසන් තීරණය හෙට(බදාදා) ගැනීමට සූදානමින් සිටී.
 
දැනට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙනුයේ හෙට(බදාදා) බැවින් එම පරීක්ෂණ ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් පසුව ශිෂ්‍යත්ව විභාගය සහ උසස්පෙළ විභාගය කල්දමනවාද නැද්ද යන්න තීරණය කරන බව අධ්‍යාපන ඇමැති ජී. එල්. පීරිස් මහතා පැවසීය.
 
කෙසේවෙතත් ඇමැතිවරයා අවධාරණය කර සිටියේ, මෙම විභාග දෙකම කල් නොදමා යොදාගත් පරිදි පැවැත්වීම නැවත රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් කඩිනමින් සූදානම් කෙරෙමින් පවතින බවත්ය.
 



අදහස් (8)

උසස්පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන අවසන් තීරණය හෙට

ලංකාපුත්‍ර Tuesday, 06 October 2020 05:02 AM

පාසැල් දරැවන්ට දෑත් සෝදන්න ජලය ලබාගන්න ටැංකි ලබා දුන්නා ඒවාට ජලයත් ලබා දුන්නා. ටික දවසයි වැඩේ සිද්දවුනේ. දැන් ප්‍රාදේශීය සභා සභාපතිවරැ කියන්නෙ ජලය දෙන්න සල්ලි නැතිලු. ඔය කියන විභාගයේදී දරැවන්ගේ ආරක්ෂාවට යොදන වැඩපිළිවෙලත් ඒ වගේද ජී.එල් මහත්තයෝ.? වැඩේ දිිිිිගටම මාසයම කරගන්න බැරිනම් දරැවන්⁣ගේ ජීවිත අනකුරේ නොදා විභාගය කල් දාන එක හොඳයි.

:       7       12

bandula Herath Tuesday, 06 October 2020 05:23 AM

ලංකාපුත්‍ර ලංකාවේද ඉන්නේ..? අපේ ළමයින්ට 5 ශිෂ්‍යත්වය ඇතිවෙලා ඉන්නේ.. පුළුවන් නම් සිකුරාදා තියන්න...

:       9       9

KanthiWednesday, 07 October 2020 12:58 AM

බන්ධුල හේරත් මහත්තයෝ, තමන්ගේ දරැවා අවධානමක තබන්න තාත්තා කෙනෙකුට පුළුවන්ද? ඇත්තටම රට තුළ කොරෝනා අවධානමක් ඇති වී තිබෙන මේ වගේ මොහොතක ඔබගේ ප්‍රකාශය පිළිකුල් සහගතයි. ඔබ වැනි තාත්තලා පිළිබඳව අපට හරි පුදුමයි.

:       0       2

Rata Perata Tuesday, 06 October 2020 06:14 AM

ඔය විභාග අපේ රටේ එච්චර වැදගත් දේවල් නෙවේ. අපේ රටේ ඉතිහාසේ කොච්චර නම් විභාග කල්දාලා තියෙනවද නැකතට ඡන්ද තියන්න..? ඒක නිසා ඉදිරි පරම්පරාව හරක් වෙන තරමට හොඳ නිසා විභාග ගැන කරදර වෙන්නේ නැතිව 20 සම්මත කරගමු සර්.. මීට සර්ගේ ඕන වැඩක් හොඳයි කියන බයියෙක්..

:       6       7

saman Tuesday, 06 October 2020 07:07 AM

කරුණාකර නියමිත පරිදි 5වසර ශිෂ්‍යත්වය පවත්වන්න. සුදුසුනම් එය සිකුරාදා දිනයේ පවත්වන්න.

:       7       4

වසන්තWednesday, 07 October 2020 01:44 AM

එතකොට ගම්පහ ⁣පුංචි එවුන් විභාගෙ නොකළට කමක් නැද්ද?

:       0       2

සේනක Tuesday, 06 October 2020 05:51 PM

බණ්ධුල හේරත්ලාට තියෙන්නේ වෙනත් අවශ්‍යතාවක් බව පැහැදිලියි. රට පවතින්නේ අවධානමකයි ⁣එවැනි පසුබිමක ඉඳලා ඔයාගෙ දරුවගේ අවශ්‍යතාවය ගැන පමණක්කතා කිරිම ගැන ලැජ්ජයි.

:       0       3

Kanthi Wednesday, 07 October 2020 12:51 AM

බන්ධුල හේරත් මහත්තයෝ ඔබ ඇත්තටම තාත්තා කෙනෙක්ද? මොකද තාත්තා කෙනෙකුටනම් තමන්ගෙ දරැවෙක් අවධානමකට පත් කරන්න බැහැ. ඇත්තටම ඔබ ගාැන පුදුමයි.?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site