(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)

ලබා දෙන බව පවසා උස්බෙකිස්තාන ජාතික කාන්තාවක් මෙරටට ගෙන්වා ලිංගික කටයුතු සඳහා අලෙවි කළ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැල්ලවත්තේ දී  අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19) රාත්‍රියේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් එක් හැවිරිදි තරුණයෙකි.

සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 අත්අඩංගුවට පත් තරුණයා ගේ බිරිඳ ද මෙවැනි වරදක් සිදු කිරීම හේතුවෙන් මේ වන විට රක්ෂිත භාරයේ පසුවන බව ද ඔහු සදහන් කළේය.