ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ හෙක්ටයාර මිලියන 1 යි දශම 2 ක් ලැව්ගිනිවලින් විනාශ වූ අතර එම ප්‍රාන්තයේ පුද්ගලයෝ තිදෙනෙක් මරණයට පත්වූහ.
මෙම තත්ත්වය හේතුවෙන් මීට පෙර එම ප්‍රාන්තයේ ප්‍රකාශයට පත්කර තිබූ ආපදා තත්ත්වය යළි දීර්ඝ කර ඇත.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයි කාලගුණ අංශ පවසයි.
එබැවින් සිකුරාදා වන විට අනතුරුදායක තත්ත්වය වර්ධනය විය හැකි බව බලධාරීහු අනතුරු අඟවති.
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ ගණනාවක පැතිර ගිය ලැව්ගිනිවලින් පුද්ගලයෝ 27 දෙනෙක් මරණයට පත්වූහ.
-226-
(බීබීසී ඇසුරෙනි)
COMMENTS
ඔටුවෝ දහදාහක් මරපු පාපකර්මයම ඇති මුළු රටම විනාශ වෙන්න.
තව අහිංසක සත්තු මැරුව නම් අංශක 60 ක් විතර කරගෙන අපාය දියුණු කර ගත්තැකි.
දෙවියන් වහන්සේ දඬුවම් දෙනවා. දෙවියන් විශ්වාස නොකරන දෙවියන් නැතැයි කියමින් කමින් බොමින් පව් කරන්නන් හට මේ දේවල් වෙනව. මේකට තියන එකම විසඳුම දෙවියන් වහන්සේගෙන්ම පමණයි. දෙවි පියාණනි, අපට කරුණ වුව මැනව.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නේ. එහි පදිංචියට ගිය ලාංකිකයෝ නැවත ලංකාවට පැමිණෙයිද?