
(ඩයනා උදයංගනී)
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද දින බෞද්ධ ජනතාවට ආගමික වතාවත් නිවෙස්වල සිට ඇත්තේ නිවෙස්වල සිර සැමරූහ.
කොරෝනා වයිරසය රටපුරා ව්‍යාප්තවීමත් සමග සංචරණ සීමා පැනවීම නිසා බොහෝපිරිසක් නිවෙස්වල පෙහෙවස් සමාදන් වූහ.
සාමාන්‍යයෙන් පොසොන් පොහෝ දිනයේදී උවසු උවැසියන්ගෙන් හා බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන මිහින්තලාව, අනුරාධපුර අටමස්ථාන, කැළණිය රජමහා විහාරය, මහනුවර ශ්‍රී දළඳා මාළිගය ඇතුළු බෞද්ධ ආගමික සිද්ධස්ථාන සියල්ල අද දිනයේදී පාලුවට ගොස් තිබිණි.
උවසු උවැසියන් නොමැති වුවත් සිද්ධස්ථාන හා විහාරස්ථානයන්හි පොහෝ දින ආගමික වතාවත් ඒ ආකාරයෙන්ම සිදුකරන්නට විහාරාධිපති භික්‍ෂූන් වහන්සේලා පියවර ගත්හ.
වෙනදා මෙන් මෙවර පොසොන් කලාප, පහන්කූඩු ඉදිකිරීම මෙන්ම දන්සැල් පැවැත්වීම ද මෙවර සිදුනොවිණි.
(ඡායාරූප: බී.ජී. චතුරංග)
මිහින්තලාව පූජා භූමිය


අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය



(ඡායාරූප: ගයාන් අමරසේකර)
කැළණිය රජමහා විහාරය









(ඡායාරූප: එච් එම් ධර්මපාල)
බෙල්ලන්විල ඓතිහාසික රාජ මහා විහාරස්ථානය



(ඡායාරූප: සුනිල් එස් තන්ත්‍රිආරච්චි)
කළුතර පූජා භූමිය



2025 දෙසැම්බර් මස 04
548
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උවැසි උවැසියන් නිවෙස්වල පෙහෙවස් සමාදන් වෙද්දී වෙහෙර විහාර පාළුවට යයි
jagath Thursday, 24 June 2021 02:20 PM
සාදු..! සාදු..! සාදු..!
කිරිපුතා Thursday, 24 June 2021 06:05 PM
නිවෙස් පුරා සිල් රැකේ. ආමිෂය අත් හැරී ප්‍රතිපත්ති පූජාවට පින්වතුන් යොමු වී ඇත. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය එයයි. මේ පිං බලෙන් අපේ රට සුවපත් වේවි. ලෝ වැසි සැම සුවපත් වේවා..!
Pat Thursday, 24 June 2021 08:06 PM
අද කඩ වහලා නිසා පෙහෙවස් සමාදන් වෙන්නේ නැතිව මොනවා කරන්නද?