
(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නොතිසියක් මගින් දැනුම් දෙන ලෙසට අභියාචනාධිකරණය අද (12) පෙත්සම්කරුවන්ට නියෝග කළේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමි, බරපතල වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා සහ සුරාජ් වල්ගම යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ සිටිනේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නිතිපතිවරයා ය.
COMMENTS
පැන්ඩෝරා නඩු දාන්නේ කවද්ද?
අපේ හාමුදුරුවනේ, රනිල්ටත් කිසිම නීත්‍යානුකූල අයිතියක් නැහැ පාර්ලිමේන්තු එන්න. ඔයා එක්කම එයාටත් නඩුවක් දාන්න. මේ අය ඉන්නේ නීතිවිරෝධී තනතුරුවල...
මොකක්ද මෙයාට දෙන්නේ?
අපේ රටේ නීතිය ජනපති හා අවසාන උපන් දරුවාටද එක සමාන දෙයක්... එහිදී හොඳයි, හොඳටම හොඳයි. ඊළඟ මැතිවරණ කතිරය මෙයාට... රට උඩටම ඉස්සුවා. මේ රජය විසින් ඉතා වැදගත් වගේම බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව ඇති බවයි වාර්තා වන්නේ...
මම අහන්නෙ නොදන්නා කමට ඇත්තටම පැමිණිලිකරු විසින් වග උත්තර කරු කැදවීමටත් (අධිකරණයට එන්න කියන දැන්වීමක්) ලිපියක් යවන්න ඕනද.
14 සංශෝධනයම කූට ක්‍රමයට කළේ... වෝහාරික විගණනයක් කළාම පේනවා..