(ප්‍රින්ස් රත්නායක)
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් උපවාසයක නිරත වන ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ගේ ක්‍රියාකලාපය තමන්වහන්සේ අනුමත නොකරන බවත්, තම නිකායේ දැඩි විරෝධය පළකරන බවත්, ෂෙයි ජින් නිකායේ මහනායක ඉඟුරුවත්තේ පියනන්ද හිමියෝ පැවැසූහ.
මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා බවත්, මෙම හිමි නම භික්ෂුවකට නොගැළපෙන අයුරින් ක්‍රියාකරන බවත්, ෂෙයිජිං නිකායේ අනුදැනුමක් හෝ අවසරයක් නොමැතිව අත්තනෝමතික ක්‍රියාවක නිරත වන බවත් පියනන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට ඉඟුරුවත්තේ පියනන්ද හිමි, සබරගමුව පළාත් ගෝනවල අස්සජි හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා ඊයේ(11) කොළඹ නිදහස් චතුරශ්‍රයට වැඩම කළහ.
ඒවනවිට එහි විශාල පිරිසක් රැඳී සිටි බවත්, ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයට යාමට ඉඩදිය නොහැකි යැයි පැවසූ බවත්, තමන් වහන්සේ එම නිකායේ මහනායක ස්ථවිරයන් බව පවසා එම ස්ථානයට යායුතු බව අවධාරණය කිරීමෙන් පසු ඊට අවසර ලබාදුන් බවත් මහනායක හිමියෝ පැවසූහ.

COMMENTS
ෂෙයි ජින් නිකාය? ඇහුවෙත් අදමයි. ලංකාවේ බෞද්ධාගමත් චීන වුනා එහෙනම්. ඔන්න ඔහේ මුළු රටම ලියල දුන්නනම් ඉවරයි.
මොකක්ද මේ නිකාය ?
ෂෙයි ජින් නිකාය?
මොකද්ද මේ ෂෙයි ජින් නිකාය ?
උපවාසේ දිගටම කරන්න කියලා අනිත් අය තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න තියෙන්නේ.
මොන නිකායේ චීවරදාරියා උද්ගෝෂණය කළත් අපිට නම් අවුලක් නෑ. දැන් යන විදියට ආරණ්‍යවල ඉන්න හාමුදුරුවන්ටත් භික්ෂු විනය ඒ අයගේ ලොකු හාමුදුරුවෝ කියාදෙන්නේ නෑ.
අමෙරිකානුවෙක්ට අපි මොකටද ඡන්දය දෙන්නේ ? ඔබ වහන්සේලාට ප්‍රශ්නයක් නොවුනට අපිට ඒක ප්‍රශ්නයක්.
කවදාවත් අහලා නැති නිකායවල්නේ දැන් තියෙන්නේ.
මොකද්ද මේ නිකාය ? අදමයි ඇහුවේ. ධර්ම සංගායනාවක් කිරීමට කාලයේ අවශ්‍යතාවය තමා මේවගෙන් පෙන්නුම් කරන්නේ.
මේ සවාමීන් වහන්සේට වෙන කවුරුත් උපවාසේ නවත්වන්න කිව්වේ නෑනේ. ඒ නිසා තවදුරටත් කරගෙන යනවා.
මොකද්ද ඒ නිකාය ? අදමයි ඇහුවෙත්. උපසම්පදාව ලැබෙන්න ඇත්තේ චීනෙන් වෙන්න ඇති.
තමන්ට පැන නැගුන සැකයක් මත කරන විරෝධයක්. ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට ඉඩ දෙන්න.
කිසිදු භික්ෂූන් වහන්සේ නමකට කුමන කාරණාවක් සදහා උපවාස කිරීමට බුදු විනය අනුව අයිතියක් නැත. යම් භික්ෂූන් වහන්සේ නමක් උපවාසයක යෙදී ඉල්ලීමක් කරනවානම් එම ඉල්ලීම දූෂිත බවේ ගැලී ඇත. ආජීවය අපිරිසිදු වීමට ද හෝ ඇතැම් කරුණෙන් උපසපන් භික්ෂූන් වහන්සේලා පාරාජිකාපත්තියට පත් වීමටද හේතුය. උපවාසය ඉල්ලීම හේතු කරණ කොට අදින්නාදානා පාරාජිකාවට පොහෝනා තරම් වන වටිනා කමක අලාභයක් උපවාස ඉල්ලීම මත කවරෙකුට හෝ සිදු වීමෙන් පාරාජිකාපත්තියට හෝ භණ්ඩදෙය්‍ය බවට පත් වීමට හේතුය. මේ පිළිබඳව විනය පිටකයේ පාරාජිකා පාලියද, තත් විනය අටුවා සමන්තපාසාදිකා, කංඛාවිතරණී යන අටුවාද, විමති විනෝදනී, සාරාර්ථ දීපනී, වජිරබුද්ධි, විනයාලංකාර ආදී ටීකාද පූජනීය රේරුකානේ චන්දවිමල නාහියන් විසින් රචිත උපසම්පදා ශීලය ද කියවීමෙන් මේ පිළිබඳව අවබෝධය ලබා ගත හැක. විනයගරුක නොවූ භික්ෂූන්ගේ විනය විරෝධී වැඩ නිසා ධර්ම-විනය නොදත් ගිහියන් පමණක් නොව පැවිදි භික්ෂූන් වහන්සේලා පවා මහත් අනර්ථයක් කර ගන්නා බව කිව යුතුයි.
අපේ රතන හිමියනුත් මාරාන්තික උපවාසයක් කරපු එකේ මේවා මොනවද.
අපිත් විරුද්ධයි.
මොකක්ද මේ නිකාය.
මේ නිකාය වනගත විපස්සනා භාවනා මුලික කරගත් එකක්. කඳුබොඩ භාවනා මධ්‍යස්ථාන වගේ ස්ථාන වල නිකායේ අය ඉන්නේ. මේ නායක හාමුදුරුවෝ ඉන්නේ ලෙල්ලොපිටියේ භාවනා අසපුවේ
අනේ වාසේ! මේ රට තව කොයි කලක් රැකේද?