
(ඩයනා උදයංගනී)
උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදී එයට ශ්‍රී ලංකා අනන්‍යතා අංකය ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
සෑම ශ්‍රී ලාංකික පුරවැසියකු සඳහාම ශ්‍රී ලංකා අනන්‍යකා අංකය නිකුත් කිරීම සඳහා 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු පනතේ විධිවිධාන පරිදි නිකුත් කර ඇති 2019 අංක 1 දරණ ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු (ශ්‍රී ලංකා අනන්‍යතා අංක) නියෝග යටතේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත බලය පැවරී ඇත.
එකම අනන්‍යතා අංකයක් භාවිතා කිරීමෙන් උපතේ සිට මරණය දක්වා සිදුකරන ක්‍රියාකාරකම්වලදී සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවා ලබාගැනීමේදී පහසුවෙන් හා කාර්යක්‍ෂමව එම කටයුතු ඉටුකරගැනීමට හැකිවන බව අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උප්පැන්න සහතිකයේ වෙනසක්
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 07 December 2021 11:22 AM
මේ වෙලාවේ මීට වඩා අත්‍යාවශ්‍ය කොපමණ දේවල් කිරීමට තිබෙනවාද ? රටේ තැන තැන තවමත් ගෑස් නිසා පිපිරීම් සිදුවෙනවා.ඒවාට නිසි විසඳුම් නැහැ.තවත් ප්‍රශ්න එමටයි.කරුණාකර ප්‍රථමයෙන් රටේ ඇති අත්‍යාවශ්‍ය ප්‍රශ්න විසඳන්න.ඉන්පසු වෙනත් දේ කරන්න.
Nihal Tuesday, 07 December 2021 02:29 PM
99.9 ක් කලු ජාතීන් ඉන්න රටේ කළු දරුවෙක් නොදැම්මේ සුද්දෝ ඇඟ කලු කරගන්න තවතවත් මුදල් වියදම් කරවන්න.. නියම මොලේ...