IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


උපනන්ද විදුහලේ වෙඩි තැබීම සිදුකළ සෙබළා බූස්ස 581 බලසේනාධිපති බාරයට

(ඉන්දිකා රාමනායක)

ගාල්ල අක්මීමන පොලිස් වසමේ මානවිල  උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයේ  වෙඩි තැබීමට සම්බන්ධ හමුදා සෙබළා සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබෙන තෙක් පොලිසිය විසින් බූස්ස 581 වන බලසේනාධිපතිවරයා වෙත බාර දුන් බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම හමුදා සෙබළා අද (05) ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ අවසරය මත මෙලෙස රඳවා තබාගැනීමට කි‍්‍රයා කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි අවස්ථා රේගුලාසි පනත අනුව කි‍්‍රයා කරන බැවින් නීතිපති වාහම නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට අධිකරණය විසින් අක්මීමන පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය යටතේ  විමර්ශන සිදුකරන ලබයි.



අදහස් (33)

උපනන්ද විදුහලේ වෙඩි තැබීම සිදුකළ සෙබළා බූස්ස 581 බලසේනාධිපති බාරයට

be dayarathne Friday, 05 July 2019 04:38 PM

මේ සිද්ධිය හරිම කණගාටුදායක එකක්. ඉවසිම නැතිව කොහොමද තුවක්කුවක් එක්ක වැඩ කරන්නේ. රටේ සාමාන්‍ය නීතිය අනුව කටයුතු කල යුතුය.

:       308       840

අනුර Friday, 05 July 2019 05:13 PM

අහිංසක පවුලක් විනාශ කලා. හෙන හතම වදිනවා තමයි...

:       1500       2263

මුණසිංහSaturday, 06 July 2019 01:43 AM

ප්‍රවේශමෙන් අදහස් ප්‍රකාශ කරන්න. ඔබගේ අදහස උතුරේ සියලු දෙනාටම ආදේශ කරගත්තා නම් එල්ටීටීඊය අදටත් සුවසේ ඉන්නවා නේද?

:       46       39

සමන්තSaturday, 06 July 2019 03:04 AM

එතකොට ත්‍රස්තවාදීන් පාස්කු දිනයේදී අහිංසක පවුල් කියක් විනාශ කළාද..? මොලයක් දීලා තියෙන්නේ හිතන්න.. පාසැල් ආරක්ෂක කලාප කරලා තියෙන එක අමතක කරන්න එපා.. එහෙම කරලා තියෙන්නේ ඇයි කියන එකත් අමතක කරන්න එපා..

:       32       33

nuwanSaturday, 06 July 2019 03:37 AM

ඔයාට අමතකද අප්‍රියෙල් 21... ලංකාවේ මිනිස්සු තමන්ගේ වගකීම අත්ඇරලා හැසිරෙද්දී ඔහොම වෙනවා තමා. හමුදාව කියන්නේ සතුරාව නලව නලවා ඉන්න අය නෙමේ... මේ මැරිච්ච කෙනා ත්‍රස්තවාදියෙක් වෙලා හමුදාවේ කෙනා වෙඩි නොතිබ්බා නම් මොකද වෙන්නේ? මිනිස්සු හැටියට අපි වගකීමෙන් වැඩ කරන්න ඕනේ... හමුදාවේ හිටපු කෙනෙක් හමුදාව ගැන නොදැන ඉන්න විදිහක් නෑනේ. විනාශ කළා නෙමේ විනාශ කරගත්තා... ඔයාලා කියයි ප්‍රශ්නය මගේ නෙමේ හින්දා මම මෙහෙම කියනවා කියලා. මම කොහොම කෙනෙක්ද කියලා බලාගන්න මාව පුද්ගලිකවම හම්බවෙන්න වෙනවා. අඩුම තරමේ මම මගේ බිරිඳටවත් සමාව දෙන්නේ නෑ. රටේ පොදු නීතියට පිටින් වැඩකරන්න යනවා නම්. මම අදටත් එදා දුන්න උපදෙස් පිළිපදිනවා ඒ විදිහටම... ඒ නිසා ජනතාවක් හැටියට අපි හරිම කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා මේ අවස්ථාවේ. කොච්චර කට්ටිය යටිගිරියෙන් කෑගැහුවත් ප්‍රශ්නේ ඉවරයි කියලා... එ්ක ඇත්තටම අළු යට ගිනි විතරයි.

:       54       335

chandanaSaturday, 06 July 2019 05:30 AM

සෙබලුණි ඔබ විසින් මිනිසුන් ලක්ෂ ගණනකගේ ජීවිත බේරා ගැනීමට දායක වී ඇති. දැනටත් ඔබගේ කැපවීම ඒ වෙනුවෙන් බව දනිමි. එහෙත් ඔබලා අමතක නොකළ යුතුයි. ඉතා කුඩා අවස්ථාවකදී වුවද ඔබට අවමන් කිරීමට තරම් කාලකන්නින්, මුල අමතක වන්නන් මේ රටේ යහතින් ජීවත් වන බව. ඒ වගේම ඔබ මතක තබා ගත යුතුයි මේ ශ්‍රී ලංකා ද්වීපයේ තරම් දිව දෙකේ මිනිසුන් වෙන කොහේවත් නැති බවත්... දිව දෙකේ මිනිසුන් අමතක කරත් ත්‍රස්තයින්ට ඒක අමතක නොවෙන නිසාම තමයි රටේ වරින්වර මෙලෙස ත්‍රස්ත ක්‍රියා හිස ඔසවන්නේත්... එවැනි දීනයන් මෙලෙස සාප කළද, නීතිගරුක මිනිසුන් බහුතරය ඔබට සාප නොකරනු ඇත. පාසැලට යවා දරුවන්ගේ ආරක්ෂාව ඔබ වෙත පවරා තමතමන්ගේ රැකියාවලට යන දෙමව්පියන් ඔබට සාප නොකරනු ඇත. මක්නිසාදයත් ඇත්තටම ත්‍රස්තයෙක් පැමිණි විටක මෙලෙසම කටයුතු කරමින් දරුවන් රැකගැනීමට ඔබ කැපවෙන බව ඔප්පු කර ඇති බැවිනි. මෑතකදී ඔබගේ දෙපා නමැද යන දරුවන් පෙන්වූ මාධ්‍යයම අද ඔබලාට ගල් ගැසීමට උසි ගැන්වීම කණගාටුදායකයි. හිටපු හමුදා සෙබලකු වශයෙන් මියගිය අයටද තත්වය සම්බන්ධයෙන් මෙයට වඩා නීතිගරුක විය යුතුව තිබුණි.

:       21       98

BamunuarachchiSaturday, 06 July 2019 06:55 AM

කාටද වදින්නේ නියෝග නොපිළිපැද්ද පුද්ගලයාටද? අණට අකීකරුවී වෙඩි කෑ පළමුවැන්නා මොහු නොවේ. ඉනේ පිස්තෝලය තියාගෙන ගුටි කා පිස්තෝලයත් නැතිකර ගත් රාලහාමි කෙනෙක් ගැන කියන්නේ....

:       0       17

BamunuarachchiSaturday, 06 July 2019 03:27 PM

කාටද? කියන දේ නොඇසූ පියාටද? නීති නියෝග අනුව කටයුතු කල සොල්දාදුවාටද? සොල්දාදුවන් පාසල් රකින තරමට රට ඇද දැමු දේශපාලුවන්ටද?

:       0       27

SidathSaturday, 06 July 2019 04:55 PM

ලංකාවෙ ඉන්නෙ ඉක්මනට අමතක වෙන ජාතියක්. තව බෝම්බයක් දෙකක් පුපුරලා ළමයි මැරුනනනම් ඔහොම කියන එකක් නෑ. එතකොට හමුදාවට වැද වැටෙයි අනේ අපිව බේර ගන්න කිය කිය. අර පුද්ගලයා වැරදියට හැසිරිලා හමුදාවෙන් වෙඩි තිබ්බම හමුදාවට දොස් කියලා වැඩක් නෑ. ඔවුන් ඉන්නෙ ළමයි රැක ගන්න. බෝම්බයක් අරන් ගිහින් පුපුරව ගත්තනම් ඒත් හමුදාවට බනියි.

:       0       35

Prabha Saturday, 06 July 2019 08:34 PM

මැරුණු කෙනත් හිටපු නාවික සෙබලෙක්.. එයා සාමාන්‍ය මනුස්සයෙකුට වඩා රාජකාරියේ වගකීම ගැන දැනගන්න ඕනේ. කෙසේවෙතත් කණගාටුදායක සිදුවීමක්... නිවන් සුව පතමි..

:       0       1

Nuwan Friday, 05 July 2019 06:19 PM

ආයුධ සන්නද්ධ සොල්දාදුවෝ පාසල්වල මුරට යොදවන්න සිද්ද වුණු හේතුව හැමෝටම අමතකයි... බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සාමාන්‍ය අන්තවාදියගේ සිට ඇමතිවරයා දක්වා සියලුදෙනා වහාම පරීක්ෂණ කර අත්අඩංගුවට ගෙන රජය මේ සම්බන්ධව ජනතාවට රට ආරක්‍ෂිත බවේ සහතිකයක් නොදුන්නු නිසා තමයි මෙවැනි අවාසනාවන්ත සිද්ධි කිහිපයක්ම වෙන්න හේතු වුනේ... හෙටත් මෙවැනි සිද්ධියක් වෙන්න පුළුවන්, කාටවත් නැහැ කියන්න බැහැ. සියල්ලට මුල රජයේ විපක්ෂයේ සියලු දේශපාලුවන්ගේ අසමත්කම්..

:       33       541

ලුම්බිණි Saturday, 06 July 2019 12:31 AM

දැන්වත් හමුදාව පාසල් මුර කරන වැඩෙන් අයින් කරන්න. නැත්නම් තවත් ජීවිත නැති වෙලා තමයි නවතින්නේ.

:       36       56

DMLBDISSANAYAKA Saturday, 06 July 2019 12:49 AM

මැරුණ කෙනා කියන දේ අහලා තිබ්බා නම් වෙඩි තියනනේ නෑනේ. රාජකාරිය කරපු කෙනා වැඩේ හරියට කරල තියෙනවා.

:       19       44

nalaka Saturday, 06 July 2019 12:58 AM

රට බල්ලාට ගොස් හමාරයි.

:       15       116

roshan Saturday, 06 July 2019 01:14 AM

පාසලේ මුරට යෙදූ හමුදාවේ පුද්ගලයාගේ වැරැද්දක් නොමැත. පාසලේ විදුහල්පති සහ ගුරුවරු සහ දෙමාපියන් සහ අද්යාපන නිලදාරීන් මෙයට වගකිවයුතුය. පාසල් වේලාවෙන් පිටත යම් කෙනෙකු පාසලට පැමිණෙන්නේ නම් ඒ සඳහා ක්‍රමවේදයක් තිබිය යුතුය. පාසලේ මුරට සිටින පුද්ගලයන් දැනුවත් කිරීම අනිවාර්යයෙන්ම කළයුතුය. තමුන්ට ඕනෑ විදිහට පාසලට ඇතුල්වීමට ඕනේ නම් මුරකරුවන් වුවමනා නැත. පාසලේ ගුරුවරුන්ට ළමයාගේ අසනීපය දෙමව්පියන්ට දැනුවත් කරන්න පුලුවන්නම් ඇයි මුරට සිටින පුද්ගලයාව දැනුවත් නොකළේ... ගොඩක් මිනිසුන් ඉගෙන ගත්තට බුද්ධිය නොමැත. සෑම පුද්ගලයෙකුටම නීතියට අවනත විය යුතුය. බලපෑම් කිරීමෙන් බලපෑම්වලට යට නොවන පුද්ගලයන් නිකරුනේ අමාරුවේ වැටේ...

:       0       203

Amila Saturday, 06 July 2019 03:01 AM

මේ සිද්ධියේදී හරි කවුද? වැරදි කවුද? කියන එක ඉතින් පරීක්ෂණයක් කරලා තමයි හොයාගන්න වෙන්නේ. මිය ගිය කෙනා නාවික හමුදාවේ හිටපු කෙනෙක්... ඉතින් ඔහු නීතිය නොදැන සිටියා වෙන්න බෑ. වෙඩි තිබ්බේ පාබල හමුදාවේ කෙනෙක්. වෙන පුද්ගලික අරාවුලක් දුර දිග ගොස් සිදුවුණා වෙන්නත් පුලුවන්...

:       6       3

සමන්ත Saturday, 06 July 2019 03:11 AM

මෙතන මියගිය පියා නාවික හමුදාවේ සේවය කළ අයෙක්... තම දරුවා අසනීප වුණා කියා ආරක්ෂක කලාපයකට ඇතුළු වීමේදී පිළිපැදිය යුතු නීති ඇත.. අනෙක සාමාන්‍ය දිනයකදී වුවද පාසලට අනවසරයෙන් ඇතුළු වීමට නොහැක. ඒ සඳහා කළයුතු වැඩ කොටසක් ඇත.. දරුවන් සිටින දෙමාපියන් මේ ගැන දැනුවත් ඇත.. මුලින් ආරක්ෂක නිලධාරියාට දැන්විය යුතුයි.. තමන් ආ කාරණාව එය කෙතරම් හදිසි කාරණාවක් වුවත්.. තම දරුවා අසනීපයි කියා මේ ආකාරයෙන් සිහිවිකල් වී වැඩ කරන්නේ කෙසේද..? හදිස්සියට කොරස් කටේත් අත දමන්න බැරිය කියලා කියමනක් තියෙනවා නේද..?

:       3       335

chandanaSaturday, 06 July 2019 05:56 AM

ඔබගේ අදහසට තරයේ එකඟ වෙමි. එලෙසම තව කොටසක් එකතු කරමි. සැබවින්ම ඔහුගේ හදිස්සිය සිය දරුවා වෙනුවෙන් නොවී වෙනත් කාරණයක් වීමටද ඉඩ ඇත. මක්නිසාද යත් දරුවාට එතරම් හදිසි තත්වයක් තිබී ඇත්නම් විදුහල විසින් දරුවා රෝහල් ගත කිරීම සඳහාද යම් වැඩපිළිවෙලක් යෙදීමටද කටයුතු කරන බැවිනි. ඔහුට හමුදා උණක් එන්නටද ඇත. ඒ හේතුවෙන් වාද විවාදයට වඩා දුර දිග යන්නටද ඇත. පපුව ආසන්නයට වෙඩි වදින්නට ඇත්තේද ආයුධය උදුරා ගැනීමට තැත්කිරීමක් හෝ ආයුධය අල්ලා ගැනීමක් කළ නිසා වන්නටද ඇත. කෙසේ වුවත් ආවේගශීලී ලෙස දුරදිග නොබලා පාසලේ අනෙක් දෙමව්පියන්ද කටයුතු කර ඇති බව පෙනී යන බැවින් එම ග්‍රාමයෙන් සෙබලාට සාධාරණයක් සිදු නොවනු ඇත.

:       28       89

sujiwa ranasingha Saturday, 06 July 2019 04:20 AM

ළමයා ලෙඩ වුණා. පාසලේ ප්‍රථමාධාර කාමරයේ ක්ෂණික පියවර ගන්න ඕනේ... ඊටපස්සේ හරිනොයනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළයුතුයි. දැන් ඔය අැම්බියුලන්ස් එහෙම තියනවා නේද? රටේ ප්‍රමාණයටත් වඩා එකකට කතා කරන්න තිබුණා. ඒ ළමයට ප්‍රතිකාර කරන අතර ඕනේ භාරකාරවරුන් දැනුවත් කරන්න. හදිසිනීතියට අනුව ආරක්ෂකයින් ඉන්න විට පාසලට දරුවාගේ දෙමව්පියෙක් එන බව එම ආරක්ෂකයාට දැනුවත් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ තැනැත්තාට පාසලට ඇතුළුවීමට ඉඩදෙන්න කියලා. මේ එකක්වත් මෙම පාසලේ පරිපාලනයෙන් හෝ විදුහල්පති ආචාර්ය මණ්ඩලයෙන් සිදුවෙලා නැහැ. මේක පාසල් ආරක්ෂක නිලධාරියා පිට පැටවීම තනිකරම නීතියට පටහැනි බවයි මගේ අදහස. පාසල් පරිපාලනය විදුහල්පති ආචාර්ය මණ්ඩල මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කළයුතුමයි. මේ අය බබ්බුද මේවා ඉගෙනගෙන නෙමෙයිද මේ තනතුරුවලට එන්නේ? වර්ජන කරන්න නම් රුසියෝ...

:       0       134

chandana Saturday, 06 July 2019 05:22 AM

මට මතක් වෙනවා මේජර් ජනරාල්වරයකු කියූ කතාවක්. ත්‍රස්තවාදී වැටලීමකදී ත්‍රස්තවාදීන් දෙසට අත් බෝම්බයක් දමා ගැසීමට අත ඔසවනවාත් සමගම ගැබිණි කාන්තාවක් ඉදිරියට පැමිණියේලු. මානව, දයාවෙන් තුෂ්ණීමභූතව දෙවරක් කල්පනාකරනවාත් සමගම බෝම්බය අතේ පත්තු වී සෙබලාට අත අහිමි වූයේලු. ත්‍රස්ත පිරිස පැන ගියේලු. එහෙම පැනගත්තු ඒ ත්‍රස්තයන් තවත් විනාශයන් කීයක් කරන්නට ඇත්ද? ඒ නිසා ත්‍රස්තවාදී විනාශයන් වැළැක්වීමට දෙවරක් සිතසිතා කල් මැරීම සුදුසු නැත. එසේ දෙවරක් සිතසිතා ක්‍රියාමාර්ග නොගෙන කල්මැරීම නිසා අප්‍රේල් 21 විනාශය සිදුවී ඇත. හමුදාවට එම කාර්යය ඉටුකිරීමට පහසු වනු පිණිස දෙමව්පියන්ද, සාමාන්‍ය ජනතාවද තම තමන්ගේ සීමාවල් හඳුනාගෙන කටයුතු කිරීමෙන් අපගේ ජීවිතත්, දරුවන්ගේ අනාගතයත් රැකගැනීමට දායකවිය හැකිය. (ත්‍රස්තයාට හැම ක්‍රමයක්ම වාසිදායකයි. සිද්ධිය හේතුවෙන් ඉදිරියේදී දෙමව්පියන්ද, ත්‍රස්තවාදීන්ද, පරිපාලකයින්ද දෙවරක් සිතා නීත්‍යානුකූලව කටයුතු කරනු ඇත. හමුදා සෙබලා වැරදිකරුවකු කළහොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාදාමය පුස්සක් වනු ඇත.)

:       21       57

chandana Saturday, 06 July 2019 06:34 AM

අපි ටිකක් මෙහෙම හිතමුද? දැන් පාසැල්වල මුරට ඉන්න හමුදා සෙබලුන් තම තමන්ගේ දරුවන් පාසලේදී අසනීප වූ බවක් දැන ගත්තොත් හැඟුම්බර වී, කලබල වී තම ආයුධයත් පැත්තකට දාලා ඒ දරුවව සොයාගෙන පිස්සුවෙන් වගේ ඉස්කෝලවලට ඇතුල්වුණොත් මොන වගේ තත්වයක් උද්ගත වෙයිද? හරි... අඩුම ගානේ අසනීප වූ දරුවන් බැලීමට එන සෑම පුද්ගලයෙකුටම අනේ පව් අනේ කියලා පාසැල් ඇතුළට යන්න හැරියොත් කොහොම වෙයිද? පාසැල් ආරක්ෂාවට දෙමව්පියන් යෙදෙව්වත්, කොන්ද පණ නැති හමුදා සෙබලුන් යෙදෙව්වත් ප්‍රතිඵලය සමානයි. ඒ ප්‍රතිඵලය තමයි ත්‍රස්තවාදියා ඒ දුර්වලකමින් ප්‍රයෝජන අරගෙන තවත් විනාශයක් සිදුකරනවා. නීති විරෝධීව ඇතුල්වෙන්න ආවොත් වෙඩි කන්න වෙන බවට විශ්වාසය තහවුරු කළොත් හැමෝම පරිස්සමින් නීතිගරුකව වැඩ කරාවි... මේ හැමදෙයක්ම ත්‍රස්තවාදය වළක්වන්න කරන දේවල්... අපි කවුරුත් ඒකට සහය දෙන්න ඕනේ... ඒකතේරුම් ගන්න ඕනේ... ඒ සෙබළාට එක් පියෙකුද නැත්නම් දරුවෝ දහස් ගණනක්ද කියන සිතුවිල්ල සහ වගකීම ක්ෂණිකව සිතන්නට එන්න ඇති... තමාට පැවරී ඇති වගකීම වන දරුවන්ගේ ආරක්ෂාව පැත්තෙන් සෙබලා නිවැරදියි.

:       3       78

Bamunuarachchi Saturday, 06 July 2019 06:42 AM

සිදුවීම ගැන කණගාටුයි... නමුත් සොල්දාදුවාට ඉහළින් තිබෙන නියෝග තමයි කිසිවෙකුට පාසල ඇතුළට යන්න දෙන්න එපා යන්න. සොල්දාදුවන්ට තමන්ගේ මනාපය ක්‍රියාත්මක කිරීමට ඉඩ දී නැත. බලහත්කාරයෙන් ඇතුල්වීම ඔහුගේ සැකය වැඩිකළා. හොඳයි අතුළට ගියේ ත්‍රස්තවාදියෙක් නම් යන්නට දීම ගැන මෙම සොල්දාදුවා කෝට් මාෂල් කිරීම හමුදාව පමණක් නොව ජනතාවද කරනු ඇත. රටේ ආරක්ෂාව කියන්නේ ඒ සඳහා පැනවූ නීතිවලට අනුව ක්‍රීයා කිරීමය. හිතුවක්කාර ලෙස නීති වලට අනුමත නොවනවා නම් මේ ප්‍රතිපල භුක්ති විඳීමට සිදුවේ.

:       50       66

BamunuarachchiSaturday, 06 July 2019 02:56 PM

ප්‍රසිද්ධ සිංහල විකට නලුවෙකුත් වෙඩි කෑවේ නියෝග වලට අවනත නොවී යන්න ගිය නිසා...

:       0       15

Nuwan Saturday, 06 July 2019 06:54 AM

ඔය අනුර කියන කෙනාට කියන්න... මැරුණු පුද්ගලයා අයි.එස්. කාරයෙක් වුණා නම් ළමයි 100ක්, 200ක් මැරුණා නම් මොකද වෙන්නේ...

:       12       61

Abiya Saturday, 06 July 2019 07:50 AM

මෙතන බහින්බස් වීමකින් පසුව සිදුවූ වෙඩිතැබීමක්. ක්ෂණික කෝපය. දෙදෙනාම පරිණත නැත.

:       10       36

BamunuarachchiSaturday, 06 July 2019 02:54 PM

බහින්බස් වීමේ ආරම්භය පියා... අතුල් වෙන්න ආවාම සොල්දාදුවා යන්න දෙන්න බැහැ කියනවා. මගේ ළමයා අසනීපයි ඇතුලට යන්න දෙන්න. බැහැ මට තිබෙන නියෝගය එකයි. මමත් හිටපු නාවික නිලදාරියෙක් මම ඇතුලට යනවා. ගියොත් වෙඩිතියනවා. මට දී තිබෙන නියෝගය එකයි. හොඳයි වෙදිතියනවා බලන්න මම යනවා ඇතුළට. ඩෝන්! එතනින් කතා බස් එක හමාර විය..

:       0       29

Suranga Saturday, 06 July 2019 10:38 AM

මේකයි ඇත්ත සිද්ධිය... මැරුණු කෙනා පාටියක ඉඳන් ඇවිත් තියෙන්නේ බීමත්ව... ආරක්ෂාවට තර්ජනය වන මෙවැනි දේ නිසා නීතිය ක්‍රියාත්මක කරන අයගේ වැරැද්දක් නැහැ. අයිසිස් කාරයෙක් මෙහෙම ඇවිල්ලා ළමයි 100ක්- 200ක් විතර මැරුවා නම් ඇස් ඇරෙයි ඔබලාගේ.

:       67       85

පොරමෝලා Saturday, 06 July 2019 12:40 PM

මෙහි අදහස් පල කර ඇති බොහෝ අය තම අදහස් දක්වා ඇත්තේ සත්‍ය සිද්ධියෙන් බැහැරවී තම තමන්ගේ මනකල්පිත ලෝකවල සිට මියගිය මිනිසාව තලු මරමින් භක්ෂණය කරමින් බව පෙනේ...

:       41       102

nuwan Saturday, 06 July 2019 12:52 PM

හමුදා සෙබළාට බනින හැමෝම අයිසිස්ලා තමයි...

:       37       52

shan Sunday, 07 July 2019 04:46 AM

එතකොට ත්‍රස්තවාදීන් පාස්කු දිනයේදී අහිංසක පවුල් කියක් විනාශ කළාද..? මොලයක් දීලා තියෙන්නේ හිතන්න. පාසැල් ආරක්ෂක කලාප කරලා තියෙන එක අමතක කරන්න එපා.එහෙම කරලා තියෙන්නේ ඇයි කියන එකත් අමතක කරන්න එපා.මේ වෙන දේවල් දිහා බැලුවම බොහොම කල කිරෙනවා මේ අගතියටපත් පුද්ගලයා මේ පාසලට දෙවතාවක් පැමිණ තිබෙනවා ඔහුට පළමු වතාවේ පාසලට යන්න නොලැබුනානම් ඇයි දෙවන වතාවේ පාසලට එන්න කලින් විදුහල්පතිට කතා නොකළේ ඔහුට පාසලෙන් කතා කලානම් ඔහුට ඇතිවී තිබෙන ගැටලුව පාසලට දැනුම් දී හමුදා නිලධාරියට ඒ බව පාසැල තුලින් දැනුවත් කරන්න තිබුන උදේ 9යලිත් උදේ11 පසලට් පැමිණ මොහුගේ හමුදා උෂ්ණය පෙන්වීමට යාමෙන් මෙය සිදුවී ඇති බව පැහැදිලී ඔහු හොදටම දන්නවා රටේ නීතිය අනෙක මේ රැකගන්නේ තමන්ගේ දරුවෝ බව ඒ සියල්ල දැනගන මොහු මේ දේ කලේ ඔහුගේ බලය පෙන්වා හමුදාවේ නිලධාරිය අපහසුතාවට පත් කරන්න එක කවුරුත් හොදින් අවබෝද කරගත යුතුයි .... දෙමාපියන්ට පාසල් රැක ගන්න කියල රටේ සියලු පාසල් වලින් හමුදාව ඉවත් කරන්න කියල මම හමුදාපතිතුමාගෙන් ඉල්ලන්නේ

:       0       13

isurandi Sunday, 07 July 2019 07:01 AM

උදේ වරුවටයි, දවල්වරුවටයි පාසල් ළඟට ගොස් බලන්න කොච්චර අනතුරුදායක තත්වයක්ද පෙන්නුම් කරන්නේ කියලා. දෙමාපියෝ රොතුපිටින් ඒ අවට සැරිසරනවා. විශේෂයෙන් දවල් වරුවට... මෙවැනි අවස්ථාවක ආරක්ෂක කටයුතුවල නියැලී ඉන්න කවුරුත් අපහසුතාවයකට පත්වෙනවා. එවැනි අවස්ථාවක මෙවැනි අනපේක්ෂිත දෙයක් ඇති වුණාම සිදුවූ අනතුරක් හැටියටයි මම දකින්නේ...

:       0       0

PA - RA Monday, 08 July 2019 01:16 AM

මම සොල්දාදුවෙක් නම් මගේ ආයුධය (වෙපන් එක ) ගන්න පොර කෑවනම් මම වෙඩි තියනවා ඒ මගේ රාජකාරියම වගේම ලෝකයේ යුධ හමුදාවේ නියමයකි.

:       0       0

බනණ්ඩාර Monday, 08 July 2019 06:12 AM

දරුවෙක් ලෙඩ උනානම් විදුහල්පති බලාන ඉදීද දෙමාපියන් ඒනකම්. දරුව මැරෙනකම් පාසලේදී. දෙමාපියන් කලබල නොවිය යුතුයි. ඒ් ගැන මෙ මරණයට මුල විචාර බුද්ධයක් නැති කම. යුදහමුදා සෙබලා අකුරට රාජකාරී කලා. විරුවණි අපි ඔබ සමගයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

දුම්රිය ආසන තත්පර 30න් අවසන්
2025 ජනවාරි මස 19 1057 0

උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.


ත්‍රිරෝද රථ අනතුරින් දැරියක් මරුට
2025 ජනවාරි මස 19 212 0

මහනුවර රන්දෙනිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් වය


උපස්ථායක,සාත්තු සේවක වෙයි
2025 ජනවාරි මස 19 386 0

රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත.


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 702 0

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු
2025 ජනවාරි මස 19 1482 0

මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට


නැගෙනහිර පාසල් හෙට වැසෙයි
2025 ජනවාරි මස 19 267 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට (20) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 372 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 600 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 328 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site