
(යොහාන් භාසුර)
උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000 ක් දුෂ්කර ප්‍රදේශවල ගුරුවරු ලෙස පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව රාජ්‍ය සේවා අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය යොමුකළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබාදී ඇති අතර ඒ අනුව ගුරු හිඟය පවතින දුෂ්කර ප්‍රදේශවලට එම උපාධිධාරී අභ්‍යාසලාභීන් අනියුක්ත කිරීමට නියමිතය.
COMMENTS
සර් ගිහිල්ලා ප්‍රශ්න අහලද ඕවා දෙන්නේ…?
හොඳ වැඩක්. නමුත් ක්‍රමානුකූලව සිදුකළ යුතුයි.
පඩි ගෙවන්න සල්ලි තියෙනවද? මහජනයා වන අපිට නම් අමාරුයි.
හොඳ වැඩක්. ඒ වුණත් මේ අයට ගුරු පුහුණුව දෙන්න. කෙලින්ම ඉස්කෝලෙට එවන්න එපා.
මේ අය දැනටමත් පාසල්වල පුහුණු වෙමින්, උගන්වමින් තමයි ඉන්නේ.. හොඳ වැඩක්.
වයස අවුරැදු 35 ට අඩු කියල සීමාවක් නොදා , වෙනත් ආයතනවල සේවය කරන අයටත් ගුරු සේවයට ප්‍රවිෂ්ට වීමට අවසර ලබා දීම ඉතාම වැඳගත්.