
(උපුල් හේරත්)
උඳු ආනයනය කිරීම තහනම් කර තිබිය දී ,ඇතැම් ව්‍යාපාරිකයන් කූඨ උපක්‍රම යොදා, වංචා සහගතව, සුද්ද කළ උදු හා පිටි වශයෙන් ආනයනය කිරීම නිසා දේශීය උඳු ගොවියන්ට උඳු විකුණාගත නොහැකිව ව්‍යාපාරිකයෝ මෙන්ම ගොවීහූ ද දැඩි සේ පීඩාවට පත්ව සිටිති.
රජරට ප්‍රදේශයේ ඇතැම් ගොවීන් යල කන්නයේ වගා කළ උඳු අස්වැන්න අලෙවි කර ගත නොහැකිව තවමත් නිවෙස්වලට ගොඩ ගසාගෙන තිබෙන බව ඔවුහු පවසති. ඇතැම් ව්‍යාපාරිකයන් මිලදි ගත් කෝටි ගණනක උඳු ඔවුන්ගේ ගබඩාවලට ගොඩ ගසා ඇතැයි ද එම ව්‍යාපාරිකයෝ කියති.
කනකර උකසට තබා උඳු වගා කළ ගොවියනට එම අස්වැන් අලෙවි කර ගැනීම නොහැකි නිසා තම කනකර පවා සින්න වී ඇතැයි ද ගොවීහු පවසති.
උඳු ව්‍යාපාරිකයකු වන ඩබ්ලිව්.ඒ.අජිත් සුසන්ත මහතා කියා සිටියේ මේ වන විට රුපියල් කෝටි දහයක පමණ උඳු විකුණාගත නොහැකිව ගබඩාවල ගොඩ ගසා ඇති බවයි. උඳු මිලට ගැනීම සඳහා බැංකුවලින් ලබාගත් ණය සඳහා මසකට විශාල පොලියක් ගෙවන බව ද ව්‍යාපාරිකයෝ කියති.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන දිසානායක මහතා සමඟ දුරකථනයෙන් කළ විමසීමකදී කියා සිටියේ ඉතාමත්ම කඩිනමින් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු කියා සටියේය. කටයුතු කරන බවයි.


COMMENTS
දේශීය ජනතාව සංවර්ධනයට කොයි දේශපාලකයාටවත් බැරි ගාණයි. කොයි ආණ්ඩුවත් විශාල නඩේ නඩත්තුවට රටින් බඩු ගෙන්වනවා. ‘සිංහල බෞද්ධ’ සහ ‘දේශීය’ යන වචන ඡන්දෙ කාලෙට කියන මාකටිං උපක්‍රම...
විදේශ විනිමය අන්තිමටම අඩු මේ වෙලාවේ,... ගොවියන් අන්ත දුගී තත්වයක සිටිද්දී පොහොර සහනාධාරය කපා හොරුන්ට උඳු හෝ වෙනත් අපට නිෂ්පාදනය කළ හැකි දේ ආනයනය කිරීමට ඉඩදෙන ආණ්ඩුවකින් ඇති ඵලය කුමක්ද?