(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බිරිඳට එල්ල කල උදලු මිට පහරක් හිසට වැදී තම දරුවා මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර පියා නොවැම්බර් 14 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (31) නියෝග කළේය.
බලන්ගොඩ මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි නීල් ජයරත්න නැමැති 39 හැවිරිදි පුද්ගලයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
බිරිඳට එල්ල කල උදලු මිට පහර හිසට වැදීමෙන් ඉකුත් අගෝස්තු 09 වැනිදා, බලන්ගොඩ මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි නවින් ධනංජය නැමැති 17 හැවිරිදි දරුවා මිය ගියේය.
සැකකාර පියා අගෝස්තු 09 අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (31) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ගොඩක් පවුල්වල සැමියා සහ බිරිඳ අතර ගැටුම් පවතිනවා. මේවට බලපාන හේතු අතර නූගත්කම, ආර්ථික ප්‍රශ්න, සමාජ සම්බන්ධතා, අනියම් සම්බන්ධතා, දෙමව්පියන් සහ වැඩිහිටියන්ගේ මැදිහත් වීම් වගේම දරුවන්ගේ ක්‍රියා කලාපයන් බලපානවා. මේවායේ ඍජු ප්‍රතිඵල දරුවන්ට දරාගන්න වෙනවා.. එක්කෝ ලංකාවේ දික්කසාද නීතිය ලිහිල් කරලා නඩත්තු නීතිය තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. නැතිනම් උපදේශන සේවා පුළුල් කළ යුතුයි.
මේවා හදිසි කෝප ඝාතන නමුත් සාධාරණීය කරන්නේ නැහැ. දේශපාලන ඝාතනයන් කර තිබෙන්නේ හිතාමතා, සැලසුම් කරලයි. ඒ වුණාට එහෙම අපරාධ කර ඇති සාටකයින්ට නීතියෙන් රිංගලා යාමට හැකිවීමත්, හදීසි කෝපයෙන් ඝාතනයක් වුණු මේ පියාට පොතේ නීතිය ක්‍රියාත්මක කිරීමත්, අර පොහොට්ටු අපේක්ෂක වටේම කියමින් යන රටේ තිබිය යුත්තේ එකම නීතියක් කියන දහමට ගැලපෙනවද? කියා පොහොට්ටුවන්ට කඩේ යන අයගෙන් මම අසමි...