IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


උදලු මිට පහර වැදී මිය ගිය දරුවාගේ පියා දිගටම රිමාන්ඩ්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

බිරිඳට  එල්ල කල උදලු මිට පහරක්  හිසට වැදී තම දරුවා මිය යාම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  සැකකාර පියා නොවැම්බර්  14 දක්වා  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද  (31) නියෝග කළේය.

බලන්ගොඩ මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි නීල් ජයරත්න නැමැති  39 හැවිරිදි පුද්ගලයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
 
බිරිඳට එල්ල කල උදලු මිට පහර හිසට වැදීමෙන් ඉකුත් අගෝස්තු 09 වැනිදා, බලන්ගොඩ මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි නවින් ධනංජය නැමැති 17 හැවිරිදි දරුවා  මිය ගියේය.
 
සැකකාර පියා අගෝස්තු 09 අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  අද (31) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය. 



අදහස් (2)

උදලු මිට පහර වැදී මිය ගිය දරුවාගේ පියා දිගටම රිමාන්ඩ්

sampath Thursday, 31 October 2019 10:32 AM

ලංකාවේ ගොඩක් පවුල්වල සැමියා සහ බිරිඳ අතර ගැටුම් පවතිනවා. මේවට බලපාන හේතු අතර නූගත්කම, ආර්ථික ප්‍රශ්න, සමාජ සම්බන්ධතා, අනියම් සම්බන්ධතා, දෙමව්පියන් සහ වැඩිහිටියන්ගේ මැදිහත් වීම් වගේම දරුවන්ගේ ක්‍රියා කලාපයන් බලපානවා. මේවායේ ඍජු ප්‍රතිඵල දරුවන්ට දරාගන්න වෙනවා.. එක්කෝ ලංකාවේ දික්කසාද නීතිය ලිහිල් කරලා නඩත්තු නීතිය තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. නැතිනම් උපදේශන සේවා පුළුල් කළ යුතුයි.

:       0       18

Chanak los angeles Thursday, 31 October 2019 02:47 PM

මේවා හදිසි කෝප ඝාතන නමුත් සාධාරණීය කරන්නේ නැහැ. දේශපාලන ඝාතනයන් කර තිබෙන්නේ හිතාමතා, සැලසුම් කරලයි. ඒ වුණාට එහෙම අපරාධ කර ඇති සාටකයින්ට නීතියෙන් රිංගලා යාමට හැකිවීමත්, හදීසි කෝපයෙන් ඝාතනයක් වුණු මේ පියාට පොතේ නීතිය ක්‍රියාත්මක කිරීමත්, අර පොහොට්ටු අපේක්ෂක වටේම කියමින් යන රටේ තිබිය යුත්තේ එකම නීතියක් කියන දහමට ගැලපෙනවද? කියා පොහොට්ටුවන්ට කඩේ යන අයගෙන් මම අසමි...

:       11       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොල්ලුපිටියේ අනතුරක්: මනාල යුවළට තුවාල
2024 ජුලි මස 15 462 0

මනාල යුවළක් පෙරටු කොට ගත් රථ පෙළක මංගල රථය සහ තවත් මෝටර් රථයක් කොල්ලුපිටිය ගාලු පාරේ පාසල පටුමග ප්‍රදේශයේදී අද (15) අලුයම එකිනෙක ගැටී මාර්ගයේ ගමන් ගත් තව


දේශපාලනාඥයන්ට පාසල් උත්සව තහනම්
2024 ජුලි මස 15 429 1

විදුහල්පතිවරුන්ගේ වැටුප් වෙනුවට විැසඳුම් දෙන තුරු දේශපාලනාඥයන් සහභාගී වන නිල උත්සවවලට සහභාගී නොවී සිටීමට විදුහල්පති වෘත්තීය සමිති හතක් ඒකමතිකව තීන


සැමියාගේ ඝාතනයට බිරිය සොයයි
2024 ජුලි මස 15 652 0

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිය ඇතුළු පිරිසක් එක්ව කපා කොටා සැමියා ඝාතනය කර ඇතැයි මොරටුව පොිලසිය පවසයි.


’’පියුමි අත්අඩංගුවට ගන්නේ නෑ’’
2024 ජුලි මස 15 1266 0

කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමී හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියා


තේ විකුණා තෙල් ණය ගෙවයි
2024 ජුලි මස 15 840 2

ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති න


ගම් උදාවලටත් සින්නක්කර ඔප්පු
2024 ජුලි මස 15 245 0

දිවයින පුරා ඇති සියළුම උදා ගම්මාන වල මෙතෙක් සින්නක්කර ඔප්පු නොලැබුණු 34,000කට හිමිකම් ඔප්පු දෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්ච


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 89 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 928 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1811 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site