(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)
පියාගේ උදලු මිට පහර වැදී මිය ගිය පාසැල් සිසුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට, මරණය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින පියා විශේෂ අවසරයකින් අද (14) දහවල් බන්ධනාගාර නිලධාරීන් විසින් බලන්ගොඩ මස්සැන්නේ දේහය තැන්පත් කර ඇති නිවසට රැගෙන එනු ලැබීය.
මියගිය නලින් ධනංජය නැමැති දරුවාගේ දේහය දෙස බලා මාංචු දමා තිබූ දෑතින් සිය දෑස් පිස දමමින් සැකකාර පියා “මට සමාවෙයං පුතේ. මම මේක හිතලා කරපු දෙයක් නෙමෙයි” යැයි විලාප දී වැළපුණේය.
අගෝස්තු 08 වැදි දින බීමත් පියා සිය බිරිඳට එල්ල කළ උදලු මිට පහර වළක්වාලන්නට ගොස් එම පහරවැදුණු දරුවා බරපතල තුවාල සහිතව රත්නපුර මහ රෝහලට ඇතුළත් කෙරිණි. දැඩි සත්සාකර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පෙරේදා (12) මියගියේය.
දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ මියගිය දරුවාගේ පියා වු ඩබ්.ඒ.නීල් ජයරත්න (42) යන අය අධිකරණ නියෝග මත ලබන 22දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.
කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු බන්ධනාගාර බස් රථයකින් අද (14) දහවල් එම නිවසට රැගෙන ආ අවස්ථාවේ බළන්ගොඩ පොලීසිය ආරක්ෂාව සැලසීය.
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උදලු මිට පහරින් මියගිය පුතු බලන්න පියා බන්ධනාගාරයෙන් රැගෙන එයි
Raveendra Wednesday, 14 August 2019 11:15 AM
බාර් කාරයින්ට, බර සඳහා බලපත්‍ර ලබාදුන්නු සහ බලපත්‍ර ලබාදීමට පොර අල්ලමින් සිටින සියලුම දේශපාලුවන්ටත් ගමේ ගොඩේ සත්ගුණවත් කසිප්පු මුදලාලිලාටත්, කුඩු මුදලාලිලාටත් මෙම පුවත කියවීමට හැකි වේවා..!!! පව් මේ රත්තරන් දරු පැටියා... නුඹට නිවන්සුව අත්වේවා පුතේ...!!!
sisiraWednesday, 14 August 2019 10:53 PM
මේ ප්‍රකාශයට අකමැති කවුද? පුතේ මෙය සිඳුවුයේ නුඹ විසින් පෙර භවයක කරන ලද අකුසලයක විපාකයක් හේතුවෙනි. ඵලයක් ඇති වීමට හේතුවක් තිබිය යුතුමය. එයයි තථාගත ධර්මය. මතු සසරේ යලිත් මෙවැනි විපතක් ඔබට නොවේවා!!! පුතේ නුඹට නිවන් සුව ලැබේවා!!!!
මොහමඩ් රිස්වි Wednesday, 14 August 2019 12:15 PM
පියා විසින් සිය පුතු ඝාතනය කිරීම, සහෝදරයා සිය එක්කුස උපන් සහෝදරයා ඝාතනය කිරීම, පියා විසින් තම ලෙයින් උපන් දරුවා දූෂණය කිරීම වැනි අපරාධ සැමදා මේ රට තුළ සිදුවන අපරාධ වල ප්‍රධාන තැනක් ගෙන තිබේ. අවුරුදු දෙදහස් පන්සීයක සංස්කෘතියක් ගැන උදම් අනන ජාතියක් ලෙස අප මේ තරම් මානසික මට්ටමින් පහළට වැටී ඇත්තේ මිනිසා යහමගට ගැන්මට ධර්මය දේශනය කළයුතු පූජකයා... ඒ වෙනුවට අද දේශපාලකයාට ආවඩමින් දේශපාලනයේ නියැදීමේ ආදීනවයන්ය.
RaveendraWednesday, 14 August 2019 01:06 PM
සහතික ඇත්ත..
MDWednesday, 14 August 2019 04:28 PM
තමන්ගේම අම්මා, තාත්තා, සහෝදරයන්, නෝනා, දරුවන්, යහළුවන් මරාගෙන මැරෙන එක නවත්වන්න මව්ලවිතුමන්ලටවත් නොහැකි වෙලා තියෙන්නේ. දේශන, බණ මිනිසුන් අහනවා. නමුත් ඒවා ප්‍රායෝගිකව ජීවිතයට යොදා නොගැනීමයි වරද...
Hafeel Wednesday, 14 August 2019 12:15 PM
මම මේක ඉරිසියාවෙන් හෝ වෛරයෙන් නොවෙයි කියන්නේ... ඉතා කණගාටුයි. රතන හාමුදුරුවන්ගේ අවධානය මෙතැනට යොමු වියයුතුයි...
RaveendraWednesday, 14 August 2019 01:04 PM
හෆිල් මයා වෙත, " මම මේක ඉරිසියාවෙන් හෝ වෛරයෙන් නොවෙයි කියන්නේ " යන්නෙන් ඔබ අදහස් කලේ කුමක්ද? තම මව්බිමට ආදරය ඇති කිසිදු පුරවැසියකු මෙය ඉරිසියාවෙන් හෝ වෛරයෙන් නොදකින බව සදහන් කිරීමට කැමැත්තෙමු. ඇත්තෙන්ම මේ ඔබේ මගේ, අපේ අහිංසක දරුවෙකු රටට නැතිවුනේ ඒ පිලිබදව අප අවංකව කණගාටු වෙනවා. අමතක නොකරන්න ඔබ, අප කිනම් ආගමක් ඇදහිමක නිරත උනත් අප ශ්‍රී ලාංකිකයන් බව.
Hafeel Wednesday, 14 August 2019 03:28 PM
Raveendra, සහතික ඇත්ත.
Shan Wednesday, 14 August 2019 01:51 PM
එල්ලුම් ගහ ලංකාවට ඕනෙද එපාද? මේ අයට මොකද කරන්නේ?
de silva Wednesday, 14 August 2019 05:35 PM
හරිම කණගාටුදායක පුවතක්, හදිසි කෝපය, සැලසුම් කරන මිනීමැරුම් යනුවෙන් දෙවර්ගයක් තිබෙනවා.. මෙම මිනීමැරුම හදිසි කෝපය මත වුණු දෙයක් ඔහු විසින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලපු නිසා ඔහු කළ දෙය ගැන පසුතැවෙන බව පෙනෙනවා. ඔහු අධිකරණය ඉදිරියේ වරද පිළිගතහොත් ඔහුගේ පෙර වැරදි නැත්නම් සමහරවිට ඔහුට අධිකරණය විසින් ලිහිල් දඬුවමක් නියම කරන්න පුළුවන්..
ආරක්ෂා Wednesday, 14 August 2019 06:25 PM
පුතා පැන්නේ නැතිනම් අම්මා නේ මැරෙන්නේ. හිතලා කලේ නෑ කියලා දැන් ගැලවෙන්න බෑ . එයා පිලිගන්නවා නේ වැරැද්ද . අනික බීමත්කම මත වැරැද්ද පටවන්න බෑ .
kavantissa Wednesday, 14 August 2019 05:39 PM
ලංකාවට හරියන්නේ එල්ලුම් ගහ නොවෙයි උල තැබීම...
kumarage Wednesday, 14 August 2019 05:59 PM
නිවන්සුව රත්තරන් පුතේ... බීලා දගලපු මනුස්සයෙක් නිසා ලෝකයක් වටිනා ජිවිතයක් නැති උනා...
Kaveen Wednesday, 14 August 2019 07:44 PM
උතුම් වූ බුදු වදනට අනුව කෝපය විනාශයට මුලයි...
alkasna Thursday, 15 August 2019 02:50 AM
හ්ම්.. ෂරියා නීතිය අපේ සංස්කෘතියට ඇතුළත් කළ යුතු වෙනවා. මේවා පාලනයට පමණකි.
athula Thursday, 15 August 2019 02:51 AM
මෙහෙම සමාජයක් නිර්මාණය කරන අයටමනේ බලය දෙන්නෙත්... බලන්න ඔය එක ජනාධිපති අපේක්ෂකයකුගේ වටේ ඉන්න කට්ටිය ප්‍රදේශයේ නමගිය කසිප්පු මුදලාලිලා එකෙකුගේ කසිප්පු ස්කාගාරයක් අහු වුණා කළුතර පැත්තේ... කාට කියන්නද? ඕක තමයි සංවර්ධනේ කසිප්පු, මත්ද්‍රව්‍ය, දූෂණ, හොරකම් වැලිගොඩ දැමීම් පස්කඳු කපා පරිසර විනාශය වනසංහාරය මේවා තමයි මේ අයගේ ව්‍යාපෘති තව දීපල්ලා.. තමුන්ගේ වල තමුන්ගේ අතින් කපාගන්නා ජනතාවක් ඉන්න රටක් මේක...
lilakshi Thursday, 15 August 2019 02:57 AM
බීමත්කම නිසා සිදුවූ අපරාධයක්. මෙම සිදුවීමේ පියාගේ පාපෝච්චාරණය චැනල් එකක දමන්න. එතකොට බොන මිනිසුන්ගේ සංවරයක් ඇති කරගන්න පුළුවන් වේවි...!!!
RIHAN Thursday, 15 August 2019 04:26 AM
හැම ආගමකම මතට තිත. අපේ රටේ බලපත්‍ර. අනේ අනේ ...
සේන Thursday, 15 August 2019 05:15 AM
කර්මය එසේ නම් එය කෙසේ වලක්වන්නද ? එය කිසිවෙකු නොදකින සත්‍යය විය හැකිය. පූර්ව අකුසල් සහිත සමාජය වේගයෙන් පිරිහෙමින් පවතී.
vipula Thursday, 15 August 2019 06:14 AM
මෙතන උදැල්ල උස්සන්න හේතුවත් බලන්න ඕනේ... අද රටේ ඉන්න ගැහැණුන්ගේ කටවල් ගැන කතාකරලා වැඩක් නැහැ. මිනිසුන් වන අපි බොහොම ඉවසන්න ඕනේ අසීමාන්තික ලෙස ඉවසන්න ඕනේ මේ ගැනුන්ගේ කටවල්වලට.., කොහොම නමුත් ඒ බිරිඳට මිනිහයි, ළමයයි දෙන්නම නැතිවුණා.
SUMITH Thursday, 15 August 2019 06:58 AM
මට නම් හිතෙන්නේ විපුලට ගෙදර උන්දෑගෙන් මොකක් හරි අකරතැබ්බයක් වෙලා වගේ...
Chamila Suranga Jayasinghe Thursday, 15 August 2019 09:10 AM
අරයට මෙයාට ඇඟිල්ල දික් කරකර හිටියට වැඩක් වෙන්නේ නැහැ මිතුරනේ. හැමකෙනෙක්ම ස්වයංව හිතලා තමන්ගේ ආකල්ප යහපත් කරගන්න ඕනෑ. දේශපාලකයින්, ආගමික නායකයන්, මේ කාටවත් මිනිස්සුන්ට යහමග පෙන්වන්න වෙලාවක් නැහැ. ඕනෑ කමකුත් නැහැ. එයාලට ඊට වඩා වැඩ තියෙනවා කරන්න. ජනාධිපති කෙනෙක් වෙන්න, ජනාධිපති අපේක්ෂකයා තෝරන්න, කාට හරි කඩේ ගිහිල්ලා ආගමිකනායක කමක් හරි උපදේශක කමක් හරි ගන්න. ඒවා තමයි එයාලට තියෙන වැඩ... අපිට අපි විතරමයි යාලුවනේ..