(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියට සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර රෝහලේ රදවා සිටි උදයංග වීරතුංග මහතා මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත්තේ පසුගිය 25 වැනිදා බවත්, මේ වන විට බන්ධනාගාර ආරක්ෂාව මධ්‍යයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මෙම මිග් යානා ගනුදෙනුවට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් උදයංග වීරතුංග මහතා අත්අඩංගු-වට ගනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මස 14 වැනිදාය.
COMMENTS
මේ අල්ල පනල්ලේ ඇප ගන්නවගේ උත්සාහය...
පිටරට ඉඳන් ඇවිත් බාර උනා. පොලිසියේ අය චෝදනා ඉදිරිපත් කළේ නෑ. බැරිම තැන ගෙවන වාට්ටු. රටේ ීතිය. එක අතකින් අවුලක් නෑ. ඔය රවී උනත් ඇප ගත්තේ......
කවුරු ආණ්ඩු කරත් ඔය සෙල්ලම නතර කරන්න බෑ.
බොහෝවිට ගෙදරට මාරුවෙන්න වගෙයි. ඇප නැතිව........
වැඩකිඩ දන්නා ඩප්පි ගහන කට්ටිය අඩු ගානට කොන්ත්‍රාත් ගන්නවා මේ දවස්වල. මරන්නේ නැහැ. බාගෙට මරනවා.
කොරෝනා නිසා බේරුණු තවත් අයෙක්...!
ඉක්මණින් එලියට පැනගනියි වගේ. මේ වගේ රගපෑම් මේ අයට අමුතු දේවල් නෙවෙයි .
හෑ !! ගෙවන වාට්ටුවට? අපේම සල්ලි හොරකම් කරලා අහු වෙලා ඊට අපේම සල්ලි වියදම් කරලා ගෙවන වාට්ටු වල තියන්න ඕනෙද? නියම නීතියක් නේද? බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ ලු නේද? ඒ සල්ලි වලින් හිරගෙදර ඉන්න අහිංසක මිනිසුන්ට අඩුමගානේ බිත්තරේ බිත්තරෙවත් දෙන්නකෝ මේ බිත්තර ලාබ කාලේ. මේවාට කියන්නේ ඇත්තෝ කති. බෝති... නැත්තෝ ලේවකති කියලා.