(දසුන් රාජපක්ෂ )
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අද (14) අලුයම අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව ඉහළ පොලිස් නිලධාරියෙක් පැවසීය.
නීතිපති උපදෙස් ලැබුණු පසු උදයංග වීරතුංග මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද එම නිලධාරියා සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශෙයේ නිලධාරීන් මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු සමඟ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව ද එම නිලධාරියා පවසා සිටියේය.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිපතිට උපදෙස් දීලා ඇති කරන්න ඕන මොනාද කියලා.
අපිට හිතාගන්න පුලුවන් ඊළගට වෙන්නේ මොකක්ද කියලා....