(සුජිත් හේවාජුලිගේ )
සෞඛ්‍ය නීති කඩකරමින් උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් අරඹා කරුණු සොයා බලා ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් විවිධ ප්‍රදේශවලින් කැදවූ ජනතාව සහභාගි කරවා ගෙන කොළඹදී අද පැවැත්විණ.
මේ අතර උද්ඝෝෂණ රැස්වීම් සහ ජන ඒකරාශී වීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් පෙරේදා (15) නිකුත් කරනු ලැබීය. මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ එම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කිරීමෙන් පසුවය
COMMENTS
දහසය වෙනිදා උද්ඝෝෂණය සංවිධානය කලේ සතියක් තිස්සේ, ආණ්ඩුව බයවෙලා පහළොව රෑ උද්ඝෝෂණ තහනම් කරනවා. අන්තිම අසාධාරණයි.. හෙන ගගහ වහින්නේ ඒකයි... කොවිඩ් වයිරසය ආණ්ඩුවට ආශිර්වාදයක්... මේ ආණ්ඩුව සදාකාලික නැහැ. ලැජ්ජයි කරන මර්ධනය...
තල්දූව මහත්තයා නීතිඥ වරයෙකු වෙලත් රටක ජනතාව සතු උද්ඝෝෂණය කිරීමේ අයිතිය ගැන නොසිතන්නේ ඇයි .. ? පාලක පක්ෂයේ අයගේ රැස්වීම් උත්සව වලදී සෙනඟ ගැවසීම් ගැන නැති නීති රීති විරුද්ධ අදහස් දරන්නන්ගේ වැඩ කටයුතු වලදී පමණක් තිබීම, නීතිය සැමට පොදු විය යුතුය යන දේ පෙන්නුම් කරන්නේ නැහැ නේද ?
මට හිතෙන්නෙ මේ රබර් බොලේ හුගක් කල් යට තියන් ඉන්න බැහැ. සමාජය තුල ඇසෙන කියන කතා අනුව රජයේ අසාර්ථකත්වය ගැන මිනිසුන් තුල තියෙන්නේ දැඩි කලකිරීමක්. මෙතෙක් සියලුම ගැටළු සදහා දුන් ප්‍රවිෂ්ට අන්තිම නෙමේරු ප්‍රවිශ්ටයන්. මර්ධනය දැන් යල් පිනු ක්‍රම වේදයක් . මන් හිතන්නේ නැහැ හුගක් කල් ඔය මර්ධනයෙන් පාලනය කල හැකියි කියා.. අද ඇත්තටම හැමතැනම යුද්දෙකට වගේ පොලිසිය දැක්කම පුදුම අප්‍රසන්න බවක් දැනුනේ. කොවිඩ් වලට වැහිලා අපි කොච්චර නම් කලක් ඉන්නද?
උද්ගෝෂණය එක රැයෙන් පටන් ගත්තෙ නැහැ. කල්තියාම කියලා තිබුනා .දුශිත බලලෝබි බඩගොස්තරවාදියෝ හොදටම බයවෙලා කඩිමුඩියේ නීතියක් ගෙනවා. ඒක මුලු රටම දන්නවා .
විවිධ ප්‍රදේශවල ජනතාවට බාධා කර පැමිණීම අඩුකර තිබියදී පැමිණි පිරිස් දුටුවෙක් ඔහොම කියන්නෙ නැහැ.
කටින පිංකමට ඔය නීතිය බලපාන්නේ නැද්ද? එතනත් සැහෙන සෙනඟක් හිටියා දැක්ක. ඒකයි ඇහුවේ.
බන්කොලොත් ආන්ඩුව....
මාධ්‍ය ප්‍රකාශක තුමනි, අපි එක රටක්-එකම නීතියට ගරු කරමු. ඒ අනුව සංවිධායකයින්ට සහ සහභාගිවන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. විහිළු නොකරන්න!
පොදු ප්‍රවාහනයේ මිනිස්සු පොල් පටවනවා වගේ අරන් යන්නේ බස් වල මෙහෙම යනකොට කොරෝනා බෝ වෙනේ නැතිද.?
සෙනෙවිගෙ සටහන ගැන කියන්න වෙන්නෙ කොවිඩ් නැත්නම් කොරෝනා හැදෙන්නේ විපක්ෂයේ අයගෙන් පමණක් මිසක් රජය කරන උතුමන්ගෙන් නොවේ කියලයි.
උද්ඝෝෂණ සංවිධායකයෝ ඒවා කෙරෙව්වේ අපිට ආදරයකට නෙවෙයි එයාලගේ බලය ලබාගැනීමේ පියවරක් හැටියට. අන්තිමට වුණේ සජිත් එයා බලයට ආවාම දූෂිත නොවෙන ආන්ඩුවක් හදනවා කිව්ව ඒක විතරයි. ඒත් ඔය.දැන් ඉන්න ගොඩෙත් අර්ජුන් ඇලෝසියස් ගෙන් මිලියන ගණන් ගත්තු අජිත් පෙරේරා සරත් ෆොන්සේකා එහෙම ඉන්නවා. ඒ අය කියන්නේ ඡන්ද වැඩට දුන්නේ ඔවුන් දන්නේ නෑ කියලා. ඉතින් කොහෙද දූෂණය නැතිවෙන්නේ. සජිත්ට තනියෙන් ආණ්ඩු කරන්න තමයි වෙන්නේ. අනිත් එක, බලන්න ඔය පින්තූර සහ වීඩියෝ දිහා. කියෙන් කී දෙනෙක් සෞඛ්‍යාරක්ෂිත ලෙස ඉන්නවාද. තව සුමානයක් සහ සුමාන තුනක් විතර යනකොට ඔය කී දෙනෙක් කොරෝනා හදාගෙන ඉවර වේවිද? සජිත්ට ඒවා වැඩක් නෑ. එයාටත් ඕන බලය ගන්න විතරයි.
දැන් ආණඩුකරන අය විපක්ෂයේ සිටියානම් රටේ ජනතාව මෙවැනි අභාග්‍ය සම්පන්න අවස්ථාවකට මුහුන දුන්නානම් බලය සදහා මේවගෙ උද්සෝෂන කරන්නේ නැද්ද? අවංකව කියන්න. උද්ඝෝෂන ඇතිවක්නේ ආණ්ඩුවේ වරදින් ජනතාව හෙම්බත්වනවිට මිස ආසාවට නොවෙයි. ඒ නිසා ඔය නීතිමය ක්‍රියාමාර්ග වලින් අවසානයේ හැමෝටම නිදහස ලැබෙන එක විතරයි වෙන්නෙ. හේතුව වර්තමානයේ ඇති මේ අදක්ෂ ආණ්ඩුව පලවා හැරීමට ජනතාව පෙල ගැසෙන නිසයි.
රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන දේවල් වලදී මොන නීතියක් වත් නැහැ .ප්‍රේමදාස ඇන ගත්ත විදියටම ගොටභයත් ඇන ගන්න වගේ යන්නේ .බලමු
මිස්ටර් තල්දුව, ඔබ නීති විරෝධී ලෙස මිනිසුන් අල්ලන්න ගියොත් වෙනත් රජයක් යටතේ ඔබට අනිවාර්යයෙන්ම ජම්පර් අන්දලා කුඩුවේ ලගින්න වෙනවාමයි. ගරු අධිකරණයෙන් ස්ථිරවම දැන්වුවා උද්ගෝෂණ නවත්වන්න ආණ්ඩුක්‍රම වියවස්ථාවට විරුද්ධයි කියලා. ඒ ගරු අධිකරණය. මේ රටේ සියලු දෙනාම නීතියට යටයි. එතකොට ඔබ කියන්නේ ඔබ අධිකරණයටත් වඩා ඉහලින් ඉන්නේ කියලාද..? ටිකක් ප්‍රවේශමෙන් වැඩ කරන්න. ඔබ අමාරුවේ වැටුනාම රාජපස්සලා එන්නේ නැහැ ඔබව බේරාගන්න. ආණ්ඩුව වැටුන ගමන් ඒ හොරු පනබෙරාගෙන හොරාකාපු සල්ලිත් අරගෙන කොහෙට හරි චීනෙට හරි ,රුසියාවට පනිවි. අනිත් දියුණු රටවල්වලට ගියොත් ඒ වෙලාවෙම ඒගොල්ලන්ව කුඩුවේ දමනවා කියලා දන්නවා.
අපි වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටකට මර්ධනය හරි නැහැ.
ඊයේ හොදටම කලේ සරත් වීරසේකර.... කාලෙකට පස්සේ ඊයේ පොලීසියට තිබුනු කොරෝනා මර්ධන උනන්දුව අද කෝ.... මේ ආන්ඩුව කොරෝනා මර්ධනය වෙනුවට විරුද්ධ අදහස් දරන අය මර්ධනයට කොරෝනා යොදා ගත්තා... ජනතා නැගිටීමක් නැවතත් ඉක්මනින්ම අවශ්‍යයි.
ඔය උනන්දුව පාස්කු ප්‍රහාරයටත් රත්වත්තේගේ වීර වික්‍රමයටත් නිරූපමා හොරකම් කල සැටි සෙවීමටත් ඔය ආදී සියලුම අපරාද සම්බන්දයෙන් නැත්තේ මන්ද?
මේ වගේ වෙලාවක මොලේ කලඳක් තියනවනම් ආපහු අමාරුවේ වැටෙන්න උද්ගෝෂණ කරන්නේ නැහැ .ළමුන්ගේ අධ්‍යාපනය අවුරුදු ගානක් නැති වෙලා .රට යන්තම් ගොඩ යාගෙන එනකොට ආපහු පස්සට හරවන්න හදන්නේ .මිනිස්සුන්ට ප්‍රශ්න තියනවා .මේකට වග කියන්න ඕනේ ආණ්ඩුවේ වැඩ බැරි වෙළඳ පාරිභෝගික ඇමතිලා සහ ලෝක් ඩවුන් කරන්න කියලා කෑ ගහපු විපක්ශයේ සෙට් එක .ඒ වගේම ගුරු වරු අල්ලාගෙන උද්ගෝෂණ කරලා රට වහන්න වැඩ කරපු එන්.ගී.ඕ නඩය .මෙයාලා අල්ලලා හිරේ දාන්න ඕනේ අනිත් මිනිස්සු වෙනුවෙන්
කලබල වෙන්න එපා.
උද්ඝොෂණ කිරීමටඔනිම තැනකට යාමට ඒමට ඔනැම නෙනෙකඅට අවසර තියෙනවා.අයිතියක් තියෙනවා.