
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට සහභාගීවූ සියලුම මන්ත්‍රීවරුන් පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන්නැයි තමා ඉල්ලීමක් කරන බව සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදී රීති ප්‍රශ්නයක් මතුකරමිනි.
මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාටද කොවිඩ් ආසාදනයවී ඇති බවත් සජිත් ප්‍රේමදාසගේ මෝඩ රැල්ල නිසා මන්ත්‍රීවරුන්ට කොවිඩ් ආසාදනයවීම වැඩිවී ඇති බවත් ඔහු චෝදනා කළේය.
ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මේ සභා ගර්භයේ මුව ආවරණ නොපළඳින බව පැවසූ ඇමැතිවරයා අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන්නැයි තමා ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.
මේ අවස්ථාවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඇමති ප්‍රසන්න රණතුංගගේ ඒ කතාවට විරෝධය දැක්වූහ.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා උද්ඝෝෂණ පවත්වද්දී කොවිඩ් පැතිරෙනවා නම් අනුරාධපුරයේ උපන්දින සාද පවත්වද්දී කොවිඩ් පැතිරෙන්නේ නැතිදැයි ප්‍රශ්න කළේය.
මෙහිදී සභාව ඇමතූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා මන්ත්‍රීවරුන් සභා ගැබේදී සෞඛ්‍ය නීති රැකිය යුතු බවත් එමගින් රටට ජනතාවට ආදර්ශයක්ද ලබා දිය හැකි බවත් ප්‍රකාශ කළේය.
COMMENTS
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් මේක ජාතියන්තර සහ දේශීය බෙහෙත් ජාවාරමක්.
ස්ථූපය විවෘත කරන්න මුහුණු ආවරණ නැතිව ගිය ජනපතිට කරන්නේ මොකක්ද.?
ඇයි සෑය වඳින්න ගිය කට්ටිය ?එතන රැස්වුණේ හරක්ද ?සතුන්ටත් කොරෝනා හැදෙන විත්තිය දන්නේ නැද්ද ?
පී.සී.ආර් දේශපාලන අවියක් කරගැනීම ගැන විද්වතුන්ගේ විරෝධයක් නැද්ද ?
ඒකට සූදානම් කරපු නායකයින්ට PCR කරලා සහභාගි වුණු ජනයාට ඔළුවෙ CT ස්කෑන් එකක් කරන්න ඕන. හිස්කබල ඇතුලෙ මොනවද තියෙන්නෙ කියලා බලන්න
ඔය කියන අයගේ ඔලුව ස්කෑන් කරන්න ඕන මොන සතාගේ මොලයක්ද තියෙන්නේ කියලා බලන්න.
ඊයේ අනුරාධපුරේ යවපු මන්ත්‍රීවරු කොහොමද?
ගම සමග පිළිසඳරේ ගත්තද.?
කඨින රජ උත්සවයට සහ සෑ විවෘතයට ගිය පිරිස ට ඇන්ටිජන් කරමුද?
මේ ගොයියා පාර්ලිමේන්තුවේදී කිව්වේ මාස් කියලා.අර කොමිස් ගොයියා කොවින් කිව්වා වගේ .අනේ කව්රු හරි මේ බඩාට කියලා දෙනවද මාස් කියන එකයි මාස්ක් කියන එකයි තේරුම් දෙකක් කියලා
පී.සී.ආර්.කරන්ඩ කියන්නේ ඇයි බයද. .ගඟට මුට්ට් දාපු හින්දා තමුන්ට නම් අවුලක් වෙන එකක් නැතුවා .