(ඩයනා උදයංගනී)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ වී ගබඩාවල ඇති වී කිලෝ පනස් දෙලක්‍ෂයකට අධික ප්‍රමාණයක් උත්සව සමයේදී වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ලංකාදීපයට පැවසීය.
තමන් දිස්ත්‍රික් ලේකම්වරයා සමඟ ද සාකච්ඡා කර මෙම පියවර ගත් බව සභාපතිවරයා සඳහන් කළේය.
මෙම වී තොග හෙට (2) සිට කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්හට ලබාදීමට කටයුතු යොදා ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය.
ඔවුන් විසින් මෙම වී සහල් බවට පත්කළ පසු ස.තො.ස අලෙවිසැල් වෙත නිකුත් කෙරෙන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවත් මොන පාරෙන් හරි නිපුන, අරලිය ටත් ලැබෙන්න ඉඩ තියනවා!
ඉදිරියේ දැක්ම...