(අංජුල මහික වීරරත්න)
කන්කසන්තුරේ හා තලෛමන්නාරමේ සිට දකුණු ඉන්දියාව දක්වා මගී සහ බඩු භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවයක් ඇරඹීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා කන්කසන්තුරේ වාරය නවීකරණ කටයුතු සඳහා දැනටමත් මුල පුරා ඇතැයිද තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නොබෝ දිනෙකින් සකස් කිරීමට නියමිතව ඇතැයිද අග්රාරමාත්ය කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙම මගී ප්‍රවාහන නාවික සේවාවන් ආරම්භයත් සමග, ඉන්දීය හා ශ්‍රී ලංකා දුම්රිය සේවා ඒකාබද්ධව ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට ද තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ගමනාන්ත තවත් වැඩිකෙරෙන අතර එතැන්සිට දකුණු ඉන්දියාවට බෝට්ටු මගින් ප්‍රවාහන පහසුකම් සැපයීමට තීරණය කර තිබේ.
මෙම සේවවාන් ආරම්භ කිරීමත් සමග අඩු වියදමින් දඹදිව වන්දනා කිරීමටද ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට අවස්ථාව උදාවනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය.
උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹීමට පෙරද මේ අයුරින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ දුම්රිය සේවාවන් පැවති බවත් කොළඹ කොටුවේ සහ චෙන්නයි නුවර අතර එක් ප්‍රවේශ පත්‍රයකින් ගමන් කිරීමේ පහසුකම් දෙරටේම මගීන් වෙත සලසා තිබූ බවත් අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
කන්කසන්තුරේ වරාය නවීකරණයේ දී දැනට ඇති ජැටිය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන අතර, වාණිජ මෙහෙයුම් කටයුතු සඳහා මීටර 167 ක් දිගැති, මීටර 22 ක් පළලැති නව ජැටියක් ද ඉදි කෙරෙණු ඇතැයිද දියකඩනය ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර මේ කාර්යයන් සඳහා ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 45.27ක ප්‍රතිපාදන ලැබෙනු ඇතැයි වරාය හා නාවික දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය.
කන්සන්තුරේ පැරණි සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ නව කර්මාන්ත කලාපයක් ද වරාය නවීකරණයට සමගාමීව ඉදිකිරීමට නියමිතව ඇති අතර කන්කසන්තුරේ ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස ද සංවර්ධනය කරලීමේ සැලසුම් සංචාරක අමිත්‍යංශය විසින් සකස් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්රංමසිංහ මහතා ඉකුත් උතුරු සංචාරය අතරතුර මාධ්යටට අදහස් දක්වමින් සඳහන් කළේය.
තලෛමන්නාරමේ ජැටිය ආශ්‍රිතව ද නව සංචාරක හෝටල් හා ආපන ශාලා ගණනාවක් ද, භාණ්ඩ ගබඩා හා ගුදම් ද ඉදි කිරීමේ සැලසුම් වහා සකසන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙන් හොරෙන් කේරල ගංජා ගෙන්න ඕන වෙන එකක් නැහැ. ඉන්දියාව කියන රට අතේ දුරින් තියාගෙන ඉන්න තරමට හොදයි මොකද හොදක් වෙන්නේ නැති නිසා.
නියමයි. කේරල ගංජා ගේන්න දැන් තවත් පහසුයි.
පනින්න බැරි රිලවූන්ට ඉනිමන් තියනවා වගේ වැඩක්. ඕකෙන් වෙන්නේ රටට අමතර ප්‍රශ්න ගලාගෙන එන එක.
ඉල්ලන් කෑම කියන්නේ ඕකට තමයි
දැන් උදේට වැසිකිලි යන්නත් සංචාරකයෝ එයි වගේ මෙහෙ රේල් පාරවල් වල එහෙ වගේ තදබදයක් පෝලිමක් නැති නිසා.
හොරබඩු ප්‍රවාහනය නැවත පටන් ගන්න වගේ. අයුදත් ඒවි කල්ලතොනිත් එවි. කාටද ආඩම්බර නේද?