(රොමේෂ් මධුෂංඛ)

 

උතුරු පළාතට පසුගිය වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාසයන් හී දැඩි මීදුම් තත්වයක් ඇතිවීමෙන් පසුව වර්ෂාව නොලැබීමෙන් කුඹුරු විශාල ප්‍රමාණයක් ගොවිතැන් කිරීමට නොහැකි වී ඇතැයි ගොවියෝ පවසති.

මේ වසරේ ද එලෙසින්ම මීදුම් තත්වයක් ඇතිවීමෙන් මහකන්නයේ ගොවිතැන් වෙනුවෙන් වර්ෂාව නොලැබේ දැයි උතුරේ ගොවීහූ දැඩි බියකින් පසුවෙති.

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගය ඇතුළු උතුරු පළාතට මේ දිනවල උදෑසන කාලයේ දැඩි මීදුම් තත්වයක් ඇතිවීමෙන් වාහන ගමනාගමන කටයුතු වලට මෙන්ම ගොවිතැන් කටයුතු වලට බලපෑම් සිදුව තිබේ.

වව්නියාව හා කිලිනොච්චිය ඒ - 9 මාර්ගයේ උදෑසන  කාලයේ දැඩි මීදුම් තත්වයක් ඇතිවීම හේතුවෙන් වාහන ගමනාගමනයට මෙන්ම උදෑසන රාජකාරි කටයුතු වෙනුවෙන් ගමන් කරන රාජ්‍ය සේවකයින්ට හා පාසල් ළමුන්ට බාධා එල්ල වී ඇත.