(හර්ෂණ තුෂාර සිල්වා)
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ වාර්තාව සහ තමන් ප්‍රකාශ කරන ලද අදහස් වැරැදි ලෙස අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව සහ ඇය කරන ලද ප්‍රකාශවල අඩුපාඩු සහ වැරැදි රැසක් තිබූ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කොළඹ දී ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කරන ලද ප්‍රකාශ කිසිවක් සත්‍ය නැතැයි ද එසේ නොමැති නම් මාධ්‍ය ආණ්ඩුකාරවරයාගේ අදහස් නිවැරදිව වටහා ගෙන නැතැයි ද ඇය සිය නිවේදනයේ සඳහන් කර ඇත.
තමන් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ පැවැති සාකච්ඡාව උඩු යටිකුරු කිරීම තමන් දැඩි ලෙස කලකිරී ඇති බව ද ඇය සඳහන් කර තිබේ.
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරන ලද වාර්තාව සහ තමන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද වාචික ප්‍රකාශය සත්‍ය බවත් වාර්තාව සහ ප්‍රකාශය සත්‍ය සහ සාධාරණ බවත් ඇය තවදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.
COMMENTS
ඇත්ත කිව්වහම මිචෙල්ට් රිදිලා වගෙයි
මේ පිළිබඳව නිවැරදි දැනුමක් තිබිය හැක්කේ බමුණුආරච්චි පඬිතුමාට පමණයි. අපි එතුමාගෙන් විමසමු.
උතුරු පළාතේ මිනිස්සු කියන දේවල් මානව හිමිකම් කොමිසමට වැඩක් නැහැ . එයාලට ඕන එයාලගේ වාර්තා ක්‍රියාත්මක කරන්න . රටවල් නැති වෙලා ගියත් එයාලට කමක් නැහැ. සුරේන් රාඝවන් නෙමෙයි , මැරිච්ච මිනිස්සු වලෙන් නැගිටලා කිව්වත් මේගොල්ල පිළිගන්නේ නැහැ .
ඔබ තුමියට මුදල් කීයක් ලැබුනද ඔහොම කියන්න
කණගාටුදායක කරුණනම් දැන් ලෝකයේ බොහොමයක් රටවල් මෙයාලා කියන කරන දේවල් ගණන් ගන්නේ නැහැ.. මොවුන් ඉතාම පක්ෂපාත විදියට, බටහිර කිහිපයක් රටවල උවමනාවට වැඩ කරන්නේ. ඉශ්‍රායලයේ මානව හිමිකම් කඩකිරීම් වලට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වුණා. ඒ ඇමෙරිකාව නිසා. ඇමෙරිකාවට හිතවත්නම් ඔවුන්ට කිසිම චෝදනාවක් නැහැ.. සවුදි අරාබිය කොච්චර මානව හිමිකම් කඩ කලත් ඇමෙරිකාව මුකුත් කියන්නේ නැහැ. මොකද ඇමෙරිකාවට සල්ලි ලැබෙන නිසා. ට්‍රම්ප් කියන්නේ ලැබෙන මුදල ගැන හිතලා තීරණ ගන්න ව්‍යාපාරිකයෙක් ඔහුට වෙන කිසිදෙයක් වැඩක් නැහැ. අපි ඔවුන්ගේ පිටියේ ක්‍රීඩා කරනවිට ඔවුන්ගේ නීති රීති වලට ක්‍රීඩා කරන්න ඕනේ.. හැබැයි අපි දක්ෂනම් ඔවුන්ව පරද්දන්න අපිට පුළුවන්. අපේ රට මුලින්ම ආර්ථිකය අතින් ශක්තිමත් කරන්න ඕනේ.. ඒවගේම අපේ රටේ උතුරේ දෙමල දේශපාලකයන්ගේ බටහිරට කඩේ යාම නවත්වන්න ඕනේ..
අනේ රටවල් ගිනිතියලා අපායේ යන්නේ නැතිව පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්න.