IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උතුරේ පක්ෂ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව එක්වෙයි

එෆ්.අස්ලම්

දෙමළ ජාතික සන්ධානයට එරෙහි නව දේශපාලන සන්ධානයක් උතුරේ දේශපාලන පක්ෂ ඒකරාශී කරමින් ආරම්භ කිරීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටළුවලට විසඳුම් ගෙන ඒම වෙනුවෙන් මෙම සන්ධානය ගොඩනගන බවත් මේ වනවිට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක්ම ඒ සඳහා එකඟත්වය හා කැමැත්ත පළකර තිබෙන බවත් ද්‍රවිඩ විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.ආනන්ද සංගරි මහතා පැවසීය‍.

දෙමළ ජාතික සන්ධානය දේශපාලන වාසි අරභයා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ඉල්ලීම් පාවාදෙන බවත් එම ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් ජනතාවාදී දේශපාලන බලවේගයක අවශ්‍යතාවක් පවතින බවත් මේ හේතුව මත දෙමළ දේශපාලන පක්ෂ රාශියක් ඒකරාශී වී නව සන්ධානයක් ගොඩනැගීමට මූලිකත්වය ගත් බවත් සංගරි මහතා කීය.

දෙමළ ජනතාවගේ අර්බුදයට විසඳුම් ගෙන ඒමට නම් දෙමළ දේශපාලන පක්ෂ පොදු ස්ථාවරයක සිටිමින් පුළුල් දේශපාලන බලවේගයක් පිහිටුවාගත යුතු බවට සහ ඒ සඳහා ද්‍රවිඩ විමුක්ති පෙරමුණ මූලිකත්වය ගතයුතු බවට උතුරේ සිවිල් සංවිධාන රැසක් තමාගෙන් ඉල්ලීම් කළ බවත් එම ඉල්ලීම්ද සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් ආනන්ද සංගරි මහතා කියා සිටියේය.

ඒ අනුව උතුරේ දේශපාලන පක්ෂ රැසකටම මෙම ආරාධනාව සිදුකර ඇති බවත් ඒ සඳහා සාකච්ඡා ද නුදුරේදීම අරඹන බවත් ඉදිරි මැතිවරණයට පෙර නව සන්ධානය ගොඩනැගීමට බලාපොරොත්තු වන බවත් සංගරි මහතා කීවේය.



අදහස් (2)

උතුරේ පක්ෂ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව එක්වෙයි

Deepal Nirosh Friday, 02 August 2019 03:51 AM

රන්ජන්ගේ කොමඩි ෂෝ...

:       0       0

chandana Friday, 02 August 2019 04:32 AM

උතුර දකුණ බේදයක් නොමැතිව, සිංහල දෙමල මුස්ලිම් බේධයක් නොමැතිව පොදුවේ සෑම ජනතාවටම ප්‍රශ්ණ ඇති බවත්, එයට විසඳුම බෙදී වෙන්වීම නොව එක්ව කටයුතු කිරීම බවත් ඔබ සැම වටහාගත් දිනයක ඔබ හට ව්‍යවස්ථාව ගැන ජාතිවාදය ගැන ත්‍රස්තවාදය ගැන නන් දොඩවමින් ඔබව අසරණ කරන දේශපාලකයන්ට යන එන තැනක් නැතිවනු ඇත. එවිට ත්‍රස්තවාදය ඉබේම පහව යනු ඇත, එවිට ජාතිවාදය ඉබේම පහව යනු ඇත, ඊනියා ව්‍යවස්ථා ගැටළු ඔබට අදාල නොවනු ඇත. එවිට ව්‍යවස්ථාව ගැන නන් දොඩවන්නවුන්ද, ත්‍රස්තවාදය පෝෂණය කරන්නවුන්ද ඉබේම පසු බැස ඔබගේ ක්‍රමයට අනුගත වනු ඇත. ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නැගිය හැක්කේ එසේය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 479 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site