IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


උතුර - නැගෙනහිර එකතු කිරීමට අපි එකඟ නෑ

වසන්ත චන්ද්‍රපාල
 
රජය විසින් සකස් කිරිමට බලාපොරොත්තු වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උතුරු නැගෙනහිර එකතු කරන්න පුළුවන් උතුරේ සුමන්තිරන්ලා වගේ මන්ත්‍රීවරුත් ඉල්ලන්නේ ඒක නමුත් එයට අපි මුස්ලිම් කොංග්‍රසය වශයෙන් විරුද්ධ බව එක්සත් ජාතික පෙරමුණේ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී පළාත් පාලන පලාත් සභා  අමාත්‍ය එච්.එච්.එම්.හරේෂ් මහතා පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරිමේ වැඩසටහනක දී මෙසේ කීවේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

උතුරු නැගෙනහිර එකතු කරනවා කියන එක අපිට ලොකු අභියෝගයක්. ඒක නිසා අපි සියලු දෙනාම මේකට විරුද්ධ විය යුතුයි. මම මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා හැටියට මේ පිළිබඳව අපි ආණ්ඩුවට කියලා තියෙනවා. මේ වැඩේට අපි විරුද්ධයි කියලා.

යුද්ධයෙන් පස්සේ අපි නිදහසේ ජීවත්වෙනවා. නිදහස් උත්සවය දවසේ විග්නේශ්වරන් මහත්තයා ඒකට විරුද්ධව වැඩ කළා. ඒවාගේම සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලන් වගේ අය දැනුත් අපේ රටට විරුද්ධව වැඩ කරනවා. අම්පාර ජනතාව  හැටියට ගත්තොත් අපි සියලුදෙනාම යුද්ධයට මුහුණ දුන්න ජනතාව. අපි සිංහල, මුස්ලිම්,දෙමළ ජනතාව හැටියට එකට සිටිය යුතුයි.

පහුගිය කාලේ අපේ රටේ කුරිරු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධයෙන් රට ආරක්ෂා කර ගැනීමට අපේ රටේ රණවිරුවන් ඒ වගේම පොලිස් නිලධාරින් ඔවුන්ගේ ජීවිත පූජා කළා. ඒක අපි අමතක කරන්න බැහැ. අපේ රණවිරුවන් අපේ රට පාලනය කරපු නායකයින් නිසා අපි නිදහසේ  ජීවත්වෙනවා. ඒක නිසා අපි මේ අවස්ථාවේ ඒ අයට ගරු කළ යුතුයි.

ඒ යුද්ධය නිසා අපේ රටේ විශාල හානියක් සිද්ධ වුණේ උතුර නැගෙනහිර ජනතාවට දැන් ඒක අමතක කරලා අපි ඉන්නවා. අපේ වගකීම අපේ පළාතේ ජනතාවට මොනවා හරි කරන්න ඕනෑ. 

වර්තමාන අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහතා  ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන්න යනවා ඒක නිසා අම්පාර නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට  ඔබ සැමගේ සහයෝගය අරගෙන මේ ව්‍යාපෘතිය සාර්ථක කරගත යුතුයි.



අදහස් (7)

උතුර - නැගෙනහිර එකතු කිරීමට අපි එකඟ නෑ

Kumar Monday, 11 February 2019 11:27 AM

අපි එකඟයි...

:       3       63

Hafeel Monday, 11 February 2019 11:45 AM

උතුරු, නැගෙනහිර එකතු කරන එකට විරුද්ධ වෙනවා වගේම, ඔබගේ පක්ෂය මුල් කරගෙන පිහිටුවීමට යන ජාතික ආණ්ඩුවටත් විරුද්ධ වෙන්න.

:       25       119

sena Monday, 11 February 2019 02:11 PM

මමත් එකග නැහැ

:       0       17

nisar Monday, 11 February 2019 02:54 PM

නැගෙනහිර දකුණට යා කෙරුවත් ඒ දිසාවෙනුත් ගිනි ජාලා එන නිසා ටිකක් කල්පනා කරලා බලන්න.

:       49       73

Bamunuarachchi Monday, 11 February 2019 04:14 PM

උතුරු නැගෙනහිර එකතු කරනවා තියා ඔය පලාත්වල තියනවාටත් අපි විරුද්ධයි.

:       22       4

BamunuarachchiTuesday, 12 February 2019 07:02 AM

මොකක්ද මේ කතාව.........

:       0       0

Primas Ignetiyas Tuesday, 12 February 2019 04:25 AM

එකතු කිරීම් ,වෙන්කෙරීම් ගැන තර්ක කර කර අවුරුදු 71 කාලය නාස්ති කළා අන්තිමට මොකද වුනේ දෙමල මුස්ලිම් සිංහල ජීවිත දහස් ගණනක් විනාස වුන එක පමණි. අපි එකතු වී දියුණු වෙමු .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජරා සීනි කැව් ව්‍යාපාරිකයා මාස හයක් හිරේ
2024 පෙබරවාරි මස 22 17 0

මහජනතාවගේ පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ සීනි අලෙවි කළ ව්‍යාපාරිකයකු තඹුත්තේගම මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට බරපතල වැඩ සහිත ම


වෙරළ රකින්න අලුත් වැඩක් අරඹයි
2024 පෙබරවාරි මස 22 20 0

’’වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රීය යාන්ත්‍රණයක්’’ සැකසීමට රජය තීරණය කර තිබේ.


මහ මඟදී සිදුවූ ආරවුල මරණයකින් කෙළවර වෙයි
2024 පෙබරවාරි මස 22 738 0

දෙහිවල කඩවත පාර පැරකුම් මාවත හැරෙන හන්දිය අසලදී සුඛෝභෝගි මෝටර් රථයක් පැදවූ කාර්මික ඉංජිනේරුවරයා තිදරු පියකු වූ යතුරුපැදිකරුවෙකු හිතා මතා අනතුරට ලක


ලංකාව -වියට්නාමය අතර කෘෂි ගිවිසුමක්
2024 පෙබරවාරි මස 22 88 0

ශ්‍රී ලංකාව හා වියට්නාම රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සදහා කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.


ගුරුගිඟයට විසඳුම් ඉල්ලා වැලිකන්දේ උද්ඝෝෂණයක්
2024 පෙබරවාරි මස 22 63 0

විද්‍යාලයට පවතින ගුරු හිඟයට වහා විසඳුම් දෙන ලෙසට බල කරමින් වැලිකන්ද ගල්තලාව හරහා අරලගංවිල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය යතුරුපැදි, පාපැදී ,ලි කොට, දමා බි


වරාය වර්ජකයන්ගේ රැකියා අනතුරේ?
2024 පෙබරවාරි මස 22 644 0

වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවෙන් බදු අය කිරීමට විරෝධය දක්වමින් වැඩවර්ජනය කරන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බව වරාය අධිකා


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 167 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 230 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 256 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site