(විනීතා එම් ගමගේ)
එල් ටී ටී ඊ ගැටුම් පැවැති සමයේ විනාශයට පත්වූ නන්දිකඩාල් තොන්ඩමනාරු හා නයාරු යන කළපු නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මෙම කලපු ප‍්‍රතිසංස්කරණය සදහා වන වාර්තාවක් සකසා තමන් වෙත ඉදිරිපත් කරන්නැයි ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මියට උපදෙස් දුන් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ ඩග්ලස් දේවනන්ද මහතා ලංකාදීපයට පැවැසීය.
ධීවර කර්මාන්තයට විශාල ඉඩක් පවතින මෙම කළපු ධීවරයන්ට භාවිතා කළ නොහැකි තත්ත්වයක් ඇතැයි ද දියකඩන කැඞී බිදී විනාශ වී ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.
ගැටුම් පැවැති සමයේ ධීවර කටයුතු එම කළපුවල සිදු නොවූ බවත් මේ වනවිට කලපු විශාල වශයෙන් කැලි කසල වලින් පිරී ඇති බවත් පැවසු දේවනන්ද මහතා අවි ආයුධ මෙන්ම බිම් බෝම්බ වුවද එහි තිබිය හැකි බැවින් එම කලපු ප‍්‍රතිසංස්කරණය විශාල ව්‍යාපෘතියක් වනු ඇතැයි ද කිීය.
කෙසේ වෙතත් එම කසල ඉක්මණින් ඉවත් කොට මත්ස්‍ය සම්පතින් පිරි මෙම කලපු ධීවර කර්මාන්තය සදහා විවෘත කළ යුතු බවත් මෙම කටයුතු සදහා නාරා ආයතනයේ සහය ලබාගන්නැයි අදාල නිලධාරින්ට උපදෙස් දුන් බවත් ස`දහන් කළේය.
COMMENTS
නන්දිකඩාල්? අහලා පුරුදු නමක්...