(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
විදේශ රටවල ස්ථීර හා තාවකාලික ලෙස පදිංචි දෙමළ ජනතාව ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ආයෝජන ආරම්භ කිරීම සඳහා උනන්දු කරවීමේ අරමුණින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා හා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි ආතවුද යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 09 වැනිදා පැරීසියට නුදුරු ලාකුරනව් නගරයේදී රැස්වීමක් පැවැත්විණි.
යුද්ධය පැවති සමයේදී සහ ඊට පෙර ශ‍්‍රී ලංකාවේ පැවැති සන්නද්ධ සංවිධාන වූ ඊරෝස්, ප්ලොට් සහ ඊපිආර්එල්එෆ් යන දේශපාලන පක්ෂ හා සම්බන්ධ නමුත් වර්තමානයේ ඉන් ඉවත්ව සිටින්නෝ ද, නිදහස් මතධාරීහු ද, ශ්‍රී ලාංකික දෙමළ ජනතාව නියෝජනය කරන සංවිධාන ද මීට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල ආයෝජන ආරම්භ කිරීමේදී මුහුණ දීමට සිදුවන පරිපාලන ගැටලූ හා වෙනත් අපහසුතා පිළිබඳ සාකච්ඡා කිරීම රැස්වීමේ අරමුණ විය.
ශ්‍රී ලංකාවේ පවතින අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය පිළිබඳව කළකිරීමෙන් මව්බිම අතහැර පැමිණි බව ඔවුහු පැවසූහ. ගුවන් තොටුපලේ සිට තම ගම් බිම් කරා පැමිණෙන තුරු ම සිදුවන අල්ලස් ගැනීම්, කප්පම් ගැනීම්, හොරකම් ආදි කටයුතු සම්බන්ධ සිදුවීම් ද ඔවුහු සභාව ඉදිරියේ පැවසූහ. සියලූ දුක්ගැනවිලිවලට සාවධානව ඇහුම්කන් දුන් රෙජිනෝල්ඩ් කුරේ මහතා ඔවුන් ඉදිරිපත් කළ ප‍්‍රශ්නවලට ද පිළිතුරු දෙමින් පවසා සිටියේ ඔවුන් මුහුණදෙන අපහසුතා අවම කිරීමට තමා පොරොන්දු වන බවයි.
සංචාරක ව්‍යාපාරය, මත්ස්‍ය වෙළඳාම, කරවල වෙළඳාම, අයිස් නිපදවීමේ කර්මාන්ත බිහි කිරීම, අමු ඉඟුරු, කහ වැනි බෝග වගා කිරීම, මහා මාර්ග දෙපස පහසුකම් සහිත වැසිකිලි පද්ධති ඉදිකිරීම ආදි වශයෙන් ආයෝජන ආරම්භ කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙසින් ඔහු උතුරේ දෙමළ ජනතාවට ආරාධනාවක් ද කෙළේය. ඒ වෙනුවෙන් ආණ්ඩුකාරවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සම්බන්ධීකරණ කාර්යාලයක් ආරම්භ කර ආයෝජකයන්ගේ ගැටලූ විසඳා දීමට කටයුතු කරන බවද හෙතෙම ප‍්‍රකාශ කළේය. ඒ අනුව තමන් ආයෝජකයන් 25,000ක් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බව පැවසූ රැස්වීමට පැමිණි පිරිස ඒ සඳහා පහසුකම් සලසන ලෙස ද ඔහුගෙන් ඉල්ලා සිටියහ.
ඊට පිළිතුරු දුන් කුරේ මහතා පැවසුවේ තමා එම අභියෝගය ඉතා සතුටින් භාර ගන්නා බවයි.
පැරීසියෙන් පසු ස්විස්ට්ර්ලන්තයේ වෙසෙන දෙමළ ජනතාව සමඟ ද මෙවැනි හමුවකට සහභාගි වන බව තවදුරටත් අදහස් දක්වමින් රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.



COMMENTS
ආරාධනාව පිළිඅරන් ඇත්තටම ඒ අය එයිද?
රට දියුණු කරන්න දකුණේ නායකයන් කියා ගන්නා පිරිසට උවමණාවක් නැත්නම් උතුරේ මිනිස්සු එක්වෙලා තමන්ගේ පලාත දියුණු කර ගත්විට අපිට එහෙනුත් ණය හා ආධාර ලබා ගන්න පුළුවන් වේවී.
බාල මට්ටමේ හමුවක්. කිසිම රාජතාන්ත්‍රික තත්වයක් නෑ.
මා දන්නා ද්‍රවිඩ වෛද්‍යවරයෙකු සුනාමි ව්‍යසනය වෙලාවේ එංගලන්තයේ සිට ලංකාවට රැගෙන ආ කන්ටේනර් දෙකක් වූ ද්‍රව්‍යමය ආධාර, වරායෙන් නිදහස් කර ගැනීමට අල්ලස් ඉල්ලීම මගේ මතකයට නැගෙනවා. ද්‍රවිඩ නමක් පමණක් හිමි, කොළඹ උපන්, සිංහල කාන්තාවක් සමග විවාහ වී සිටින ඔහු, අවසානයේ රේගුවට ප්‍රකාශ කර තිබුනේ කැමති දෙයක් අරගෙන ඉතුරු දේවල් නිදහස් කරන ලෙසයි. සියලුම වටිනා දේවල් ඔවුන් අත්පත් කරගෙන ඉතුරු බඩු නිදහස් කර තිබුනේ දින දෙකකට පසුයි. " මීට පස්සේ මුළු ලංකාවම විනාශ උනත් ඒ පැත්ත පළාත බලන්නේ නැහැ"" කියන එක තමයි ඔහුගේ සහ බිරිඳගේ අදහස .
තත්ත්වය ඉහළද පහළද රාජ්‍යතාන්ත්‍රික කියල නොවේ අගේ කරන්න ඕනේ උත්සාහය........
ප්රංශයේ ඇති ඩයස්පෝරාවක් නැහැ. විවිධක්‍රම මගින් ප්‍රංශයට ආපු මැට්ටන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රබලව පැවැති යුගයේ එම සංවිධානයේ නම විකුණාගෙන කාපු අය... ඔය මිනිස්සු දන්න ඩයස්පෝරා තැනක හැසිරෙන්න හරියට භාෂාවක් දන්නේ නැතිඅයට මොන ආරාධනාද?