(නිමල කොඩිතුවක්කු)
මුලතිව්ල කිලිනොච්චි සහ මන්නාරම ඇතුලූ උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක වල ඇතිවි තිබෙන ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සියලූ සහන වහාම සපයන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබා දි තිබේ.
රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරන අමාත්‍ය රංජිත් මද්දුමබන්ඩාර මහතාට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සදහන් වන්නේ උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද සම්බන්ද කරගනිමින් විපතට පත් ජනතාවට අවශ්‍ය සියලු සහන කඩිනමින් සපයන ලෙසයි.
උතුරේ ගංවතුර උවදුරට මුහුන දී සිටින ජනතාවට අවශ්‍ය සහන සැපයිමට අවශ්‍ය කරන මුදල් ප‍්‍රතිපාදන සියල්ලක්ම මුදා හරින ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතාට උපදෙස් දෙනු ලැබීය.
ගංවතුරෙන් විපතකට පත් ජනතාවට සහන සැලසිම සදහා රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක්ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වනවිට නම් කර තිබේ.
උතුරු පලාතේ ඇතිව තිබෙන ගංවතුර ආපදා තත්වය නිරීක්ෂණය සදහා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම ප‍්‍රදේශයන්හි සංචාරයකද නිරත වූ අතර ඒ පිළිබද විශේෂ වාර්තාවක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මේ අවස්ථාවේ සිය ශක්ති ප‍්‍රමාණයෙන් ජනතාව වෙත සහන සැලසීමට ඉදිරිපත් වන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෞද්ගලික අංශ වෙතින් ද ඉල්ලා සිටී.
COMMENTS
දකුණේ අරණායක කියල ගමක ගෙවල් නාය ගියාමත් ඔයවගේම පොරොන්දු දුන්න. නමුත් තාමත් ඒ මිනිස්සු අවතැන්...තව ශාලාව ගම....මිතොට මුල්ල...මේ කාටවත් තම වන්දි හෝ විසදුම් නම් ලැබුණේ නැහැ....
ඔව් ඔව් එහෙම හොඳයි.... පොලිස් බලතලත් කඩිනමින් ලබා දෙන්න....
සාලාව, මීතොටමුල්ල අයට ආධාර කරන්න නම් ඔයතරම් කළබලයක් තිබ්බේ නැඇ.
රටේ හැමෝටම දැන් සහන දැනෙන්නේ නෑ.... බස් ගාස්තුව අඩු උනාට සහනේ බස් මුදලාලිලට....... තේරුමක් ඇති දේවල් කරන්න....
රජයට සහන දෙන්න ජනතාවට අවස්ථාවක් දෙන්න....
දෙවෙනියා වුනත් නම සූත්තර පුංචාය. ඇරියත් මුකය පිටවෙන්නේ බේගල්ය.. ගවයා වුනත් උම්බෑ නද අඩු නැහැනේ. මේවගේ අයට රට දෙන්නේ මන්ද..?
විග්නේශ්වරනුත් දකුණේ සිංහල ජනතාවගෙන් උදව් ඉල්ලලා? මොනපැත්තෙන්ද දන්නේ නැහැ කතාකරලා ඉල්ලුවේ...? හමුදාව තාවකාලිකව දකුණට ගෙන්වා ගන්න. අපේ හමුදාව මොකටද ගංවතුර අස්සේ උතුරේ දුක් විඳින්නේ..?
ආවත් හරි ආයෙත් රටේ ගංවතුර ආපදා, මිනි මැරුම් කාගේ කරුමෙද මන්දා?