(මහේෂ් කිර්තිරත්න සහ රවීන්ද්‍ර විරාජ්)
උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රදේශීය සභා මන්ත්‍රිවරයකු විසින් වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙකු අපයෝජනය කළැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකාර මන්ත්‍රීවරයා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් සිරිල් විමලසේන මහතා අද (19) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන කේ.ජි.ටි.අනුරුද්ධ ඒකනායක නැමැති අයෙකි.
අදාල පාසල් සිසුවා වෛද්‍ය පරික්ෂණ සඳහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ පරික්ෂණ කටයුතු මාතලේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදුකරනු ලබන අතර සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන මන්ත්‍රීවරයා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙත්ම සමාවක් දිය යුතු කෙනෙක් නොවේ.
මේක වැරදීමක්... පොහොට්ටුවේ කට්ටිය වැරදි කරන්නේ නැහැ.
පොහොට්ටුවේ නාම යෝජනා දෙනකොට හොඳට හොයලා බලලා දුන්නේ... අඩුම ගානේ මිනීමැරුමක් කරලා නැත්නම් අඩුම තරමින් ළමා අපයෝජනයක් හරි කරපු අයෙක් වෙන්නම ඕනෑ කියලා....
පොහොට්ටුවේ ඉන්නේ මේ වගේ අය. තවමත් කඩේ යන බොහොමයක් දෙනා නුගත් අය.