(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඊ.ටී.අයි සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් සිවුදෙනා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් වෙත යොමු කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය .
ඒ අනුව ජීවක එදිරිසිංහ , නාලක එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන තිදෙනා වැලිකඩ බන්ධනාගාරයේ මීට පෙර කාන්තා අංශය තිබූ ස්ථානයේ දැනට පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයටත් , දීපා එදිරිසිංහ යන අය කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය ටත් යොමු කිරීමට පියවර ගත් බව පැවසේ .
මොවුන් රුපියල් බිලියන 6.4 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඉකුත්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ බන්ධනාගාර ගත කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අයට සියල්ලෝටම ඉතාමත් කෙටි කාල පරාසයකදී නොයෙකුත් ආකාරයේ ලෙඩ රෝග, බෝනොවෙන ලෙඩ රෝග ආදියෙන් පරිපුර්ණවනු ඇත.