
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඊ.ටී.අයි ආයතනයේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය ඇප මත මුදා හරින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (15) නියෝග කළේය.
ඒ, ඊ.ටී.අයි සමාගමේ තැන්පත් කර තිබූ රුපියල් බිලියන 6.4 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුව කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ අතර සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අතර සෑම මාසයකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.සැකකරුවන් නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින බැවින් අද දිනයේ දී අධිකරණයට ඉදිරිපත් නොතර නඩුව කැඳවා තිබුණි.
ඊ.ටී.අයි ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 6.4 මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන පසුගියදා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
නඩුව ලබන 21වෙනිදා දක්වා කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ.. අපේ මේ සත්ගුණවත් පිං කඳන්වලට... ලැබුනෝ. අපේ ගම් කබරයින්ටත් ජයෙන් ජයම වේවා..!! සැමදා බොරු තර්ක කියලාම ජීවත්වීමට භාග්‍ය උදා වේවා...!!!
රන්ජන්, ඔබ හරි ... මේවා දැක්කාම අපිට හිතෙනවාබිලියන ගණන් හොරකම් කරපු අය දවසින් දෙකෙන් එළියේ... පොල් ගෙඩියක් හොරකම් කළ කෙනා දවස් 14ක් හිරේ. දෙවියනේ ඔබ කොහේද?
කළිනුත් අත්අඩංගුවට අරන් ඇප දුන්නා. තවත් වරක් ඇප අවලංගු කරලා රිමාන්ඩ් කළා. දැන් ආයෙමත් ඇප දීලා එළියේ. මොකක්ද මේ වෙන්නේ?