IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව විමර්ශනයක් කරන්නැයි නීතිපති දන්වයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
තැන්පත්කරුවන් සතු රුපියල් කෝටි 1370 ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට නියම කළේය.
 
තැන්පත්කරුවන් ඊ.ටී.අයි. ආයතනයේ තැම්පත් කළ රුපියල් කෝටි 1370 ක මුදල සාවද්‍ය පරිහරණය කිරීම සඳහා මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලය කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව එම මුදල් සාවද්‍ය පරිහරණය කිරීම යටතේ මුදල් විශුද්දීකරණ පනත යටතේ මෙම විමර්ශනය කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට වැඩි දුරටත් උපදෙස් දී ඇතැයි නීතිවපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය සඳහන් කළාය.
 
ඊ.ටී.අයි. ආයතනයේ තැම්පත් කළ තම මුදල් එහි අධ්‍යක්‍ෂවරුන් විසින් සාවද්‍ය පරිහරණය කොට ඇතැයි සඳහන් කරමින් එහි තැම්පත්කරුවන් විසින් මේ වන විට පොලිසියට පැමිණිළි ඉදිරිපත් කොට ඇත. එමෙන්ම ඔවුන් අධිකරණ ක‍්‍රියාමාර්ලගවලට ද අවතීර්ණ වී ඇති අතර ඊට අදාලව පොලිසිය විසින් සිදුකළ විමර්ශනවල ප‍්‍රගතිය සළකා බැලූ නීතිපතිවරයා එහි අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් කරන ලෙස උපදෙස් ලබාදී ඇත.



අදහස් (0)

ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව විමර්ශනයක් කරන්නැයි නීතිපති දන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 443 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site