(මනෝප්‍රිය ගුණසේකර)
තැන්පතුකරුවන්ගෙන් ලබාගත් රුපියල් බිලියන 4කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින ඊ.ටී.අයි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (03) නියම කළේය.
රුපියල් ලක්ෂය බැගින් මුදල් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය .
මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ ඊටීඅයි සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ ජීවක එදිරිසිංහ නාලක එදිරිසිංහ අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ය.
මීට පෙර අවස්ථාවක අදිකරනයෙ නිකුත් කරන ලද සිතාසි වලට අනුව මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ .
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ දී ඔවුන්ට භාර දුන්හ.
විිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් අධිකරණය නිකුත් කරන ලද සිතාසි වලට අනුව තම සේවාදායකයින් අධිකරණයේ පෙනී සිටි බවත් ඔවුන්ට ඇප නියම කරන ලෙසත් ඉල්ලා සිටියහ .
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කළ විනිසුරුවරයා මෙම නඩුව යළි කැඳවන ලබන සැප්තැම්බර් මස 8 වෙනිදා වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියම කළේය .
2025 නොවැම්බර් මස 04
382
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊ ටී අයි අධ්‍යක්ෂක මණඩලයේ සිව් දෙනාට ඇප