IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඊටිඅයි තැන්පතුකරුවන්ගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
ඊ.ටී.අයි මූල්‍ය සමාගමේ සියලු වත්කම් පවරා ගෙන එහි තැන්පතුකරුවන්ට සිය මුදල් යළි ගෙවන ලෙසට නියෝග කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කරන ලෙස ඉල්ලා එම ආයතනයේ තැන්පතුකරුවන්ගේ සංගමය විසින් අද (4) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

එදිරිසිංහ ට්‍රස්ට් ඇන්ඩ් ඉන්වෙස්මන්ට් ආයතනයේ තැන්පතුකරුවන් ආරක්ෂා කිරීමේ සංවිධානය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට  ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය , ම බැංකු අධිපති , ඊ.ටි.අයි මූල්‍ය සමාගම , එහි අධ්‍යක්ෂවරුන් ඇතුළු 18 දෙනෙකු නම් කරනු ලැබ ඇත.
 
නීතීඥ මංජුල බාලසූරිය මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
පෙත්සම්කරුවන්ගේ සංවිධානය ඊ.ටී.අයි ෆිනෑන්ස් සමාගමෙහි තැන්පතුකරුවන්ගෙන් සමන්විත සංවිධානයකි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තම ආයතනය තැන්පතු බාර ගැනීමේ ආයතනයක් හැටියට පිළිගෙන ඇති බැවින් තම ආයතනයේ මුදල් තැන්පතු කරන ලෙසද ඊ.ටී.අයි ආයතනය මාධ්‍ය මඟින් ප්‍රචාරය කරනු ලැබිණි.
 
ඒ අනුව පෙත්සම්කාර සංවිධානයේ සාමාජිකයින් සිය මුදල් එම ආයතනවල තැන්පතු කළහ. තත්ත්වය මෙසේ තිබියදී 2018 ජනවාරි 2 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් තාවකාලික පියවරක් හැටියට අදාළ වගඋත්තරකාර මූල්‍ය ආයතනය පාලනය කිරීමට කමිටුවක් පත් කර ඇති බවත්, තැන්පතු ආපසු ගැනීම තාවකාලිකව නවතා ඇති බවත් මාස හයක කාලයකට පමණක් වලංගු වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විනි යැයි පෙත්සම්කරුවෝ කියා සිටිති.
 
එහෙත් මෙම තත්ත්වය මෙතෙක් කිසිදු වෙනසකට භාජනය වී නොමැත.කෙසේ නමුත් මෙතෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් මෙම තත්ත්වයට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැත.
 



අදහස් (1)

ඊටිඅයි තැන්පතුකරුවන්ගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

Almeida Thursday, 04 April 2019 02:12 PM

ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ තමන්ගේ බුදලේවත් ආරක්ෂා කරගන්න බැරි ආයතනයක්. තව කොහෙද මුල්‍ය පද්ධතිය පාලනය කරන්නේ.

:       0       73

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site