IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඊටීඅයි ඉතිරි තැන්පතු වලින් අඩක් ආපසු ගෙවීම හෙට අරඹයි

හර්ෂණ තුෂාර සිල්වා
 
ස්වරණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ඉතිරි තැන්පතුවලින් සියයට 50ක් ආපසු ගෙවීම හෙට (3) ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


ඉතිරි තැන්පතුවලින් සියයට 50ක් ආපසු ගෙවීම සඳහා ස්වරණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු කොන්දේසි පදනම යටතේ ඉකුත් මස 13වැනිදා සීමිත කාලයක් සඳහා ආරම්භ කෙරුණි.

ඒ අනුව ස්වරණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනය රැස් කරන ලද තැන්පතුවලින් මේ වනවිට ගෙවා ඇති සියයට 30ක ප්‍රමාණය සහ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය යටතේ ආවරණය වන රක්ෂණ වන්දි මුදල හැර ඉතිරි තැන්පතු වටිනාකමින් සියයට 50ක් ගෙවීම අද (3) ආරම්භ කරන බව මහ බැංකුව කියයි.
 
කොළඹ 4, ආර්.ඒ. ම මෙල් මාවතේ පිහිටි ස්වරණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ප්‍රධාන කාර්යාල ශාඛාවෙන් වෙන් කරන ලද දිනවලදී උදෑසන 9 සිට පස්වරු 4 දක්වා පමණක් ආපසු ගෙවීම් කරන බව ද මහ බැංකුව සඳහන් කරයි. 
 



අදහස් (0)

ඊටීඅයි ඉතිරි තැන්පතු වලින් අඩක් ආපසු ගෙවීම හෙට අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site