IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපති - කොස්තාපල්වරයකු අත්අඩංගුවට

රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග

 

පුරාවස්තු කැණීමකට අනුබල දීමේ චෝදනාව යටතේ වව්නියාව ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයකු අද (19) අත්අඩංගුවට ගත් බව වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතා කියයි.

වවුනියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේ දී වළ දමන රත්තරන් තොගයක් ගොඩ ගැනීමට ගොස් අත්අඩංගුවට පත් සැකකරුවන් 5 දෙනා සම්බන්ධයෙන් වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාගේ උපදෙස් පරිදි වව්නියාව පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද පුළුල් පරික්ෂණයකින් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය 17 වැනි දා වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදී කොටි සංවිධානය වළ දමා ඇති බවට සැකකෙරුණු රත්තරන් ගොඩ ගැනීමේ උත්සහයක නිරත වෙමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු වව්නියාව දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගැණිනි.

අදාළ සිදුවීම සිදු වූ ස්ථානයට ආසන්නයේ දැනට අත්අඩංගුවේ පසුවන මෝටර් රථයක ඊච්චන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයකු සිට වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් විසින් හඳුනාගනු ලැබීය.

පසුව සැකකරුවන්ගේ ජංගම දුරකතනවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකතන අංක සහ පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරුවන් හමුවීම යන කරුණු ඔස්සේ පරික්ෂණ ආරම්භ කළ වව්නියාව පොලිසිය විසින් ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා මුලතිව් කොට්ඨාසයටත් කොස්තාපල්වරයා මන්නාරම් කොට්ඨාසයටත් ස්ථානමාරු කර යවනු ලැබුවේ පරික්ෂණ කටයුතු අවසන් වන තුරුය.

ඊච්චන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සමීපයේ තිබූ මෝටර් රථය , ජංගම දුරකතන 9ක් , සහ උදලු ඇතු පොළව හෑරීමට යොදාගන්නා උපකරණ රැසක් වව්නියාව දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 



අදහස් (2)

ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපති - කොස්තාපල්වරයකු අත්අඩංගුවට

rocky Tuesday, 19 March 2019 11:39 AM

ඊච්චන් කුලම් සිද්ධියෙන් පොලීසිය නිකං පීච්චන් වෙනවා!

:       2       0

chathuri Tuesday, 19 March 2019 11:46 AM

ටිකක් කල්පනා කරලා බලන්න නිදන් හාරන්න පුරාවස්තු හොයන එක සාදාරණයි...... අද වගේ නෙමේ රජකාලේ පුරාණයේ මිනිසුන්ට ලංකා බැංකු, මහජන බැංකු මේවා තිබුනද? තමන්ගේ වටිනා දේවල් තැන්පත් කරන්න...... කාලේ පොලොව යට ගල්ගුහා තමන්ට හොදයි කියල හිතෙන හැම තැනම මේ. දේවල් වැලලුව ඉතින් මිනිසුන් මේ ව දන්නා. නිසා පුළුවන් විදියට හොයාගන්නවා මේක වරදක් නෙමේ.......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 409 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 569 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 234 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site