(යොහාන් භාසුර)
පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සහ පාවහන් යුගළකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්. එම්. ඩී. ධර්මසේන මහතා ‘ලංකාදීප’යට පැවසීය.
දරුවන් වසරකට වැඩි කාලයක් පාසලට නොපැමිණීම සහ නිවසේම රැදී සිටීම නිසා ශරීර ප්‍රමාණය වැඩිවී සහ ඇඳුම් සහ සපත්තු කුඩා වීම පිළිබඳව සහ වර්තමාන ආර්ථික තත්වය අනුව දෙමව්පියන්ට අලුත් ඇදුම් සහ සපත්තු මිලදී ගැනීමේ අපහසුතාව යන කරුණු පිළිබඳව අවදානය යොමුකර මෙම තීරණය ගත් බවත් ධර්මසේන මහතා සඳහන් කළේය.
පාසල් ආරම්භ වන අද (25) දින සිට නැවත දැනුම් දෙනතුරු මෙය ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු දැනුවත් කර ඇති බවත් ධර්මසේන මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් මෝඩ තීරණයක්.
තා හොද කාලීන තීරණයක්. තවත් අතිශය වැදගත් කාරණයක් වන්නේ සියලු දරුවන්ගේ වර්තමාන විෂය දැනුම පිලිබඳ සංඛාත්මක තක්සේරුවක් හැකි ඉක්මණින් ලබාගැනීමයි. මෙම දරුවන් මතු දිනක දීප ව්‍යාප්ත විභාග වලට (5 ශිෂ්‍යත්වය, සා.පෙ., උ.පෙ.) මුහුණ දියයුතු බැවින් ඔවුන්ගේ වර්තමාන විෂය දැනුම පිලිබඳ සැබැ ස්වරුපය අධ්‍යාපන අමාත්‍යංශ දැනගැනීම ඉතා වැදගත්. අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමෙන් සැකසුනු (පළමු හෝ දෙවන) වාර විභාගයක් දීප ව්‍යාප්තව පවත්වා සියලු ලකුණු එක් රැස්කර විශ්ලේෂණය කර ගැටළු හදුනාගෙන පිළියම් යොදන්න.
ඒ කියන්නේ මහලොකු වියත්මග පිළිගන්නේ නෑ රටේ මිනිස්සු වැටිලා ඉන්න තරම...?
අවුරුදු දෙකක් ගෙදර, අවුරුදු දෙකකට ළමයෙක් ශාරීරිකව වගේම මානසිකවත් ගොඩක් වෙනස්කම් වලට ලක් වෙන්න පුළුවන්. ඇඳුමක් මහගන්න වුනත් මේ වෙලාවේ ආර්ථික තත්වයෙන් අමාරු අය ඕනතරම්. සල්ලි තිබුණත් පවතින සෞඛ්‍ය තත්වය යටතේ දරුවෙක් අරගෙන ඇඳුම් මහන්න හරි ගන්න හරි යන එකත් අවදානම්. ඇඳුමට වඩා මේ වෙලාවේ ප්‍රමුඛත්වය දිය යුත්තේ අධ්‍යාපනයට සහ දරුවන්ගේ මනස සැකසීමටයි. වැඩි විස්තර ලිව්වේ පඩිය හා දේශපාලනය ගැන විතරක් උනන්දු වෙන අයට තේරුම් ගන්න අමාරු නිසයි. මෙය අතිශයින් අගය කළයුතු කාලෝචිත තීරණයක්...
එතකොට අර නාන්න කම්මැලි අයට මොකද කරන්නේ..?
වෙලාවේ හැටියට ලොකු සහනයක්
ළමයින්ට ඇඳුම් ප්‍රස්නයක් නැහැ.