සෞදි අරාබියේ ජෙඩා වරාය ආසන්නයේදී ඉරාන තෙල් නැවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ලවී ඇතැයි වාර්තා වේ.
නෞකාවේ පිපිරීමක් සහ ගින්නක් හටගෙන ඇති අතර මේවනවිට මුහුදට බොර තෙල් කාන්දුවෙමින් පවතින බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.
ජෙඩා වරායෙන් කිලෝමීටර් 60ක් පමණ දුරින් ගමන් කරමින් තිබියදී නෞකාව ප්‍රහාරයට ලක්ව ඇත.
ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතුවල යෙදෙන ඇමරිකානු නාවුක හමුදාව පවසා ඇත්තේ නෞකාවට ප්‍රහාරයක් එල්ලවී ඇති බවට වාර්තා වී ඇතත් වැඩිදුර තොරතුරු නොදන්නා බවයි.
මෙම ප්‍රහාරයත් සමග ඉරානය සහ සෞදි අරාබිය අතර නොසන්සුන්තාවයන් වර්ධනය වියහැකි බවට විචාරකයෝ මත පළකරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.