ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ප්‍රංශ පුවත් සේවයෙන් අද (25) ප්‍රකාශයට පත් කෙරිණි.
තෙහ්රාන් අගනුවර පැවැති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්චි කහිමින් දහඩිය දමමින් සිටින අයුරු දක්නට ලැබුණු අතර ඒ ආසන්නයේ ඉරාන රජයේ ප්‍රකාශක අලි රබෙයි ද විය.
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ ශුද්ධ නගරයක් වන කුම් නගරයේ 50 දෙනෙකු මරණයට පත්වී ඇතැයි එරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඉරිදා ප්‍රකාශ කළේය. කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සහ ආසාදනය වූවන් පිළිබඳ තොරතුරු ඉරාන රජයෙන් සඟවන බවට එම මන්ත්‍රීවරයා චෝදනා කළේය.
එම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශවලට පිළිතුරු දීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රජයේ ප්‍රකාශක එලෙස තෙහ්රාන් අගනුවර දී ඊයේ (24) එම මාධ්‍ය හමුව පැවැත් වූහ.
කොරෝනා වයිරසයෙන් 50 දෙනෙකු මියගොස් ඇතැයි කරන ප්‍රකාශ අසත්‍ය යැයි ද එම මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
ඉන්පැය කිහිපයකට පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් කළ අතර තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි හෙතෙම එහි දී කීවේය.
එම වීඩියෝ පටය පටිගත කර ඇත්තේද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
මටත් කොරෝනා වයිරසය වැළඳිලා. මට ඊයේ රාත්‍රියේ උණ තිබුණා. මධ්‍යම රාත්‍රියේම පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මට කොරෝනා ආසාදනය වෙලා. එතැන් පටන් මම ඉන්නේ තනියම. දැන් විනාඩි කිහිපයකට පසු අවසන් පරීක්ෂණ වාර්තාවත් ලැබුණා. මම දැන්ම ප්‍රතිකාර ආරම්භ කරනවා යැයි ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය.
මා ඔබට කිව යුතුයි. ඉදිරි සති කිහිපයේදී අපි කොරෝනා වයිසරයට එරෙහිව සටන ජයග්‍රහණය කරනවා යැයි ද හෙතෙම කීය.
කොරෝනා වයිරසය මුල් කර ගනිමින් කිසිවකුටත් වෙනස්කම් නොකරන්නැයි එහිදී කී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ඉරාන වැසියන් පරෙස්සම් විය යුතු යැයි ද අනතුරු ඇඟවීය.
එමෙන්ම කවුරුන් හෝ ළඟ සිටගෙන සිටීමෙන් වයිසරය ආසාදනය නොවන බව ද හෙතෙම කීය.
සඳුදා පැවැති මාධ්‍ය හමුවෙන් පසුව ඉරාන රජයේ ප්‍රකාශක අලි රබෙයි අද (25) තවත් මාධ්‍ය හමුවකට එක්ව සිටියේය. එම මාධ්‍ය හමුවට ඉරානයේ කර්මාන්ත අමාත්‍යවරයා සහ තවත් නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.
කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයෙන් මරණ 15ක් වාර්තා වන අතර 95 දෙනෙකුට වයිසරය ආසාදනය වී ඇතැයි එරට බලධාරිහු කීහ.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපේ හිටපු ඇමතිට තියෙන්නේ හඳුනානොගත් ලෙඩක්.
මේ තත්වය යටතේ අපටත් හදිසි තත්වයකට මුහුණ දෙන්නට සිදුවුනොත්, අත්වැසුම්, මුහුණු ආවරණ, ක්ලෝරීන් ද්‍රාවණ වැනි ද්‍රව්‍ය මහපරිමාණයෙන් අවශ්‍ය වෙනවා. ලෙඩේ කට උඩටම එනතුරු, ඡන්දෙ ගැනම කතාකරමින් නොසිට මේ නිෂ්පාදන සුළුවෙන් හෝ ක්ෂණිකව රට තුළ නිපදවීම ආරම්භ කළයුතුයි. චීනය කොපමණ මිතුරු වුණත් එ් රටින් මේ ද්‍රව්‍යය ගෙන්වීම භයානක වෙන්නට පුළුවනි. මුලින් මුලින් ළඟ සිටින්නන්ට පමණක් වැළඳෙනවා යයි කී මේ වයිරසය දැන් මළමුත්‍ර අාදීන් පවා පැතිරිය හැකි බව කියනවා. ඒ අතරම ඉතා කුඩා ඉඩම් වල නිවාස සාදාගෙන අල්ලපු නිවසේ වැසිකිලියට ඉතා නුදුරින් ලිඳකුත් සකසාගෙන තිබෙනවා. මුළු මනින්ම සංවෘත්ත වූ වායු සමාන සවිකළ නිවෙස් රටේ තිබෙන්නේ ඉතාම අතළොස්සක්. රෝහල් කාමර වාට්ටු ආදියත් එසේමයි. වයිරසය දින 21ක් ඇඳුම් වල පවා රැඳීතිබිය හැකි බව කියනවා. මේවා එකිනෙක ගෙන බැලූකල අප පිටරටින් ඇණවුම් කරන භාණ්ඩ හරහා තැපෑලෙන් වුවත් වෙනත් රටක සිට පැමිණීමේ අවකාශ තිබෙනවා. මාළුන්, කුරුල්ලන් වැනි සතුන්ට දේශ සීමා නැහැ. අප වහවහා ආරක්ෂා විය යුතුයි. මෙය රටේ පාලක මෙන්ම විපක්ෂයේද වගකීමක්...
අපේ සුවමැඩම් අරයාව බදාගෙන ඉම්බා නේද ඡන්දෙට ලකුණු දාගන්න. හම සුදට දැක්කාම පැනලා ගිහින් බදාගත්තා වගේ නෙමෙයි එයාවත් නිරෝධායනෙට දාන්න වෙනවා.
මදැයි බදාගත්තා. නියෝජ්‍ය ඇමතිලා පහුකලා කියන්නේ අමතිලාටත් එනවම තමයි පවිත්‍රා නෝනේ....
අපට නෑ නේ එහෙම වාසනාවක්......
අපේ එක්කෙනාට තාම නැද්ද ?
චන්දිම මහත්මයා, හොඳට කුළුබඩු, මිරිස් දමලා හදන කෑම කන, සහ මධ්‍යසාර පානය කරන පුද්ගලයින්ට මේ වෛරස් එක හැදෙන සම්භාව්‍යතාවය අඩුලු, ඉරානේ මහත්මයාට මේක හැදුණත්, එ්ක නිසා අපේ නෝනට මේක හැදෙන්නේ නැහැ.