(සිතුම් චතුරංග)
ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කිරීමේදී එම ස්ථානායන් ඉවත් කෙරුණු හිටපු අග්‍රාමාත්‍යවරයකු වු ඩී.එස්.සේනානායක මහතාගේ සහ එවකට කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති පැරණි නාම පුවරුව සහිත සමරු ඵලකය පැය 24 කාලයක් ගතවීමට පෙර යළි තිබූ ස්ථානයේ සවිකිරීමට කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලය කටයුතු කළේය.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාගේ විශේෂ උපදෙස් මත ආණ්ඩුකාර කාර්යාල නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඊයේ (10) රාත්‍රීයේදීම සමරු ඵලකය යළි සකස්කරනු ලැබිණි.
පසුගිය 07 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කොට නැවත විවෘත කිරීමේදී 1954 වසරේ ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමට අදාළව එවකට හිටපු අග්‍රාමාත්‍යවරයකු වු ඩී.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති පැරණි නාම පුවරුව සහිත ඵලකය ගලවා ඉවත්කර තිබිණි.
එම ඵලකය ගලවා ඉවත් කිරීම කිලිනොච්චි ජනතාව විසින් විරෝධය දැක්වූ අතර ඒ අනුව ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත නැවත සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන්ව අදාළ නාම පුවරුව සවි කිරීමට පියවර ගෙන තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ වැරැද්ද පෙන්වා දීමෙන් පසුව නිවැරදි කිරීම අගය කල යුතු ක්‍රියාවක්. ඒ වාගේම එම නාම පුවරුව ඉවත් කිරීමට එරෙහිව කිලිනොච්චි ජනතාව විසින් දැක්වූ විරෝධයට මගේ ප්‍රණාමය.
"අඬන්න ඕනලු කිරි එරෙන්න " කියන කතාව කිවුවේ අපි පොඩි කාලේදී විතරයි! දැන් ඒක මෙහෙම වෙනස්වෙලා.... අසාධාරණ වැඩ සාධාරණීය කර ගැනීමට නම් මාධ්‍ය පිහිට පැතිය යුතුවෙනවා!
මේවා කරන්න ඉස්සෙල්ලා හිතන්න තිබුනා
වරද පිළිගෙන ඉවත් කල සමරුඵලකය නැවත සවි කිරීම අගයකල යුතුයි.
මෙවැනි මෝඩ වැඩ කරන රජයේ නිලදාරීන්ට සිර දඬුවම් නියම කල යුතුය