( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජනප‍්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා පත් කරනු ලැබ ඇත.සංචාරක සංවර්ධන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් අද (14) පත්කිරීම සිදුකර ඇත. මෙම පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වේ.
ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී.ජයසුන්දර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු රජයේ ආයතන සඳහා ප‍්‍රදානීන් තෝරා ගැනීම සඳහා පත් කළ සය පුද්ගල විද්වත් කමිටුව විසින් සංචාරක අමාත්‍යාංශ ලේකම්වරියට කළ දැනුම් දීමකට අනුව ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කළ බවද සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ පැවසීය.
නව පත් කිරීම පිළිබඳව දන්වමින් සංචාරක අමාත්‍යවරයා ඉරාජ් වීරරත්න මහතා වෙත ලිපියක්ද යොමුකර තිබේ.එසේම මෙම තනතුර භාර ගන්නේද යන්න පිළිබඳව සඳහන් කරන ලෙසත් අමාත්‍යවරයා සිය ලිපියෙන් ඔහුට දන්වා යවා ඇත.
2002 වසරේ සිට මේ දක්වාම ගායකයෙකු , සංගීත අධ්‍යක්ෂකවරයෙකු හා සංගීත සංයෝජකවරයෙකු ලෙස ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය ඉරාජ් වීරරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකුද වේ.ආසියා කලාපයේ බටහිර හිප් පොප් ගායකයෙකු ලෙසද ජනප‍්‍රිය වී සිටින හෙතෙම පසුගිය කාලයේදී ප‍්‍රසිද්ධ දේශපාලනයේ නිරතවීම හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට ලක්වූ චරිතයක්ද විය.
COMMENTS
කඩේ ගියාට තෑගි...
දෙන්න තිබුණේ කාන්තා කටයුතු...
අනේ අම්මපා පසුගිය කාලේ මෙයාගේ සින්දු හිට් කරන්න දත කාපු මහා සංගීතඥ පඩිරුවන නේද? හත්දෙයියනේ සංචාරක මණ්ඩලයට සියලු දෙවිදේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා..!!
දැන් ආණ්ඩුවට කඩේ යාමද මූලික සුදුසුකම?
නියම වෘත්තිකයෙක්.. මරේ මරු...
හා හා !! සුදුසුකම්? රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම... අපේ අනාගත බලාපොරොත්තු!!! අපි යන්නේ ඉදිරියටද?
කඩේ ගියපුවා වගේ ප්‍රතිඵල තමයි..
නැතුව නැතුව, දර දිය ඇද්ද තරමට සලකන්නත් එපායැ... තමුන්ගේ අතින් යන්නෙත් නෑනේ. එ්කත් බදු ගෙවන තමන්ගේ සේවකයින්ගෙන්නේ..
69 ලක්ෂෙ සනීපද?
එය එසේම සිදු විය යුතුයි.
අහන්න පුළුවන් ගීතයක් කියන්න බලන්න.
මේ මහත්තයාගේ ගීත සහ ඒවායේ වීඩියෝ සංචාරක ප්‍රවධනය සඳහා යොදාගන්නා එකනම් ඒ තරම් නුවණට හුරුවෙන එකක් නැහැ. ඒවායේ අන්තර් ගතවෙලා තියෙන දර්ශන බලලා අපේ රටට අමුතු අමුතු ජාතියේ සංචාරකයින් එන්න බැරි නැති නිසයි එහෙම හිතුනේ. දැන් එතකොට අර ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ තනතුරු දෙකකට මාමා කෙනෙකුයි, නැන්දම්මා කෙනෙකුයි පත් කලෙත් ඔය කියන "රජයේ ආයතන සඳහා ප්‍රධානීන් තෝරා ගැනීම සඳහා පත් කළ සය පුද්ගල විද්වත් කමිටුව" මගින්ද අප්පා?
මේ තණතුර කොතරම් දුරට සුදුසුද කියා නොදනිමි. මොහු ගැන නිවැරදි දර්ශනයක් සමාජය තුළ නැත.
අපූරුයි. පහුගිය කාලේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න වීඩියෝ නිර්මාණය කරපු, කාන්තාවන් යොදවා ඉතා අශීලාචාර නිර්මාණ කරපු මිනිහට ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කරන්න අධ්‍යක්ෂක තනතුරක් දීලා!!! වහල් ආණ්ඩුවටත් හිනා යන පත් වීම වැලක් මේ දවස් වල යූ ටර්න් ආණ්ඩුව කරගෙන යනවා.
නියමයි...!!! දේශපාලුවන්ට වඩා නම් හොඳයි..
අනේ මන්දා... මේ හාදයා ඉස්කෝලේ ගිහින් තියෙනවද..? ටුවරිසම් කෙසේවෙතත් ඉස්කෝලේ යන කෙල්ලෝ ටිකව බේරාගන්න වේවි... මතකයි නේද දැනට කාලයකට ඉස්සෙල්ලා කාන්තා පාසලකට ගිහිල්ලා. අන්තිමට ප්‍රින්සිපල් මැඩම්ගෙන් කනේ පාරක් කාගෙන ආවා.
Royal, කිව්වම හිතෙන දේවල් මෙතන ලියන්න බැහැ. කමක් නැහැ. උගතෙක් වෙන්න ඇති මගෙ හිතේ... මහාචාර්යවරයෙක්ද?
ආර්ථික විද්‍යාවට ගෞරව උපාධියක් තියෙන සහ යූටියුබ් සමාජ මාධ්‍යයේ නිර්මාණාත්මක චරිතයක් වන මොහු වැන්නන්ගේ දැනුම නිෂ්ඵල දේවලට වඩා රට වෙනුවෙන් නිර්මානාත්මක සේවයක් කළහැකි මෙවැනි කාර්යාංශයක තනතුරකට පත්කොට මොහුගෙන් සංචාරක ක්ෂේත්‍රයට යම්කිසි උදව්වක්, නව නිර්මාණාත්මක අදහස ලබා ගැනීමට උත්සාහ කිරීම වරදක් නොවන බව හැඟීයයි. මෙවැනි අයාලේ ගිය චරිත ඵලදායි ලෙස මෙහෙයවීමෙන් ඇමෙරිකාව ලොව අංක එකේ බලවතෙක් වූ බව නොදන්නා කෙනෙක් නැත.
මා දන්නා තරමින් ඔහුට උපාධියක් තිබේ.