ඉරාක විදේශ කටයුතු අමාත්‍යාංශය එරට සිටින ඇමෙරිකා එක්සත් ජනපද තානාපති මැතිව් ටියුලර් කැඳවා තිබේ.
ඇමෙරිකානු තානාපතිවරයා කැඳවමින් ඇමෙරිකාව කළ එල්ල කළ ප්‍රහාරය හෙළා දැක තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය සිකුරාදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ ඉහළ පෙළේ ජෙනරාල්වරයකු වූ කසීම් සුලෙයිමානී ඇතුළු ඉරාන සහ ඉරාක සන්නද්ධ හමුදා කල්ලි ප්‍රබලයෝ දහ දෙනෙක් මරුමුවට පත්වූහ.
“ඇමෙරිකාවේ ප්‍රහාරය ඉරාකයේ ස්වෛරීත්වය ප්‍රබල ලෙස උල්ලංඝණය කළා. එය ඒකාබද්ධ ජාත්‍යන්තර මෙහෙයුම්වලට පරස්පර” යැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මානව හිමිකම් ගැන කියන ජාත්‍යන්තරයේ සංවිධාන..............