IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඉම්රාන් ඛාන්ට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කරන්න අවසර

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගමන් ගන්නා ගුවන් යානයට ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීමට ඉන්දියාවේ අවසරය හිමි වී ඇති විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.

පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වන පළමු අවස්ථාව මෙය වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2019 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ සෞදි අරාබියේ සංචාරයක නිරත වූ අතර ඒ අවස්ථාවේදී පාකිස්තානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගමන් ගන්නා ගුවන් යානයට ඔවුන්ගේ ගුවන් සීමාව භාවිත කිරීමට අවසර නොදුන්නේ ය. ඉන්දියාව කාශ්මීරයේ මානව හිමිකම් උල්ලංඝණය කරන බවට චෝදනා කරමින් පාකිස්තානය එලෙස අවසර නොදුන්නේ ය.

ප්‍රභූ ගුවන් යානයකට (වී.වී.අයි.පී) ගුවන් යානයකට අවසර නොදීම සම්බන්ධයෙන් ඉන්දියාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයට පැමිණිල්ලක් ද කළේය.

සාමාන්‍ය තත්ත්ව යටතේ ප්‍රභූ ගුවන් යානාවලට ඒ ඒ රටවල අවසරය හිමි වේ. කෙසේ නමුත් පාකිස්තානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගමන් ගන්නා ගුවන් යානයට අවසර නොදීම වරදක් යැයි ඉන්දියාව චෝදනා කළේය.

 

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි

 

055



අදහස් (5)

ඉම්රාන් ඛාන්ට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කරන්න අවසර

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 February 2021 09:06 AM

ඉන්දියාව හා එහි පාලකයන් ගැන අපට මොන මති මතාන්තර තිබුණත්, ජාත්‍යන්තර සහයෝගීතාවය සම්බන්ධව මේ අවස්ථාවේදී ඉන්දියාව කළේ බුද්ධිමත් ක්‍රියාවක් බව පෙනේ. එකට එක කළේ නැත. කෙසේ වෙතත්, මෝදි අපගේ ඇතැම් දේශපාලකයින් මෙන් හොර, මැර තක්කඩිකම් කරන්නෙකු නොවන බව පෙනේ. වැරදි ඇති.. ඒත් අපේ අයට වඩා තමන්ගේ රටට ජනතාවට ආදරේය. ගැතිකම් නැතිව ලියන, විජිත්, බද්‍රානි, රවීන්ද්‍ර, නුවන් ඇතුළු උගත් අයගේ අදහස් කියවීමට කැමැත්තෙමි. එදා මෙන් අදත් පරිප්පු කතාවක් බමුණු ආරච්චි මහතා ඇදලා ප්‍රශ්නය වෙනත් පැත්තකට හරවයිද දන්නේ නැහැ.

:       1       9

banda Tuesday, 23 February 2021 09:20 AM

ඉන්දියාව පාකිස්තානය තරම් නරක නැත.

:       9       8

සේනක Tuesday, 23 February 2021 06:45 PM

අම්මේ මෙයා දන්න තරම්...!!!

:       0       0

sachith Tuesday, 23 February 2021 10:16 AM

ගුවන් යානය ආව ගමන් මාර්ගය බලපුවාම නම් පේන්නේ ඉන්දියානු සීමාවට ඉහළින් තමයි මුලු ගමනම ආවේ...

:       0       2

Raveendra Tuesday, 23 February 2021 01:19 PM

ඇත්තෙන්ම ඉන්දියාව ගෙන ඇත්තේ ඉතාමත්ම ඥාණාන්විත තීරණයකි. මෝඩි උන්දැ ගැන අපගේ කියවීම නම් අසීලාචාර හැඟීමයි. ඒ අපගේ කියවීමයි. එනමුත් ඔහු උපන් රටට ආදරය කරන්නෙකි. ඇත්තෙන්ම තමන් උපන් රටට අවංකව ආදරය කරන නායකයෙකුගේ මූලික ගති ලක්ෂණ වලින් එකක් විය යුත්තේ රටේ උන්නතිය, අනාගත දියුණුව වෙනුවෙන් ගන්නා තීරණවලට මෙන්ම වෙනත් පුරවැසියන් විරුද්ධ වුවත් එම තීරණ ඍජුවම ගෙන ක්‍රියාත්මක කිරීමයි. ඉන්පසු තමන්ට රටේ බලය නැතිවිය හැකිය. නමුත් තමන් උපන් රට වෙනුවෙන් හිතට එකඟව යමක් කර ඇතිබව ඉතිහාසයට එම නායකයාගේ නම එක්වෙනු ඇත.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site