(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉබ්බංකටුව ප්‍රදේශයේදී අද (31) පොල් කටු ප්‍රවාහනය කළ ලොරියක් ත්‍රීරෝද රථයක , මෝටර් රථයක සහ තවත් අයිස්ක්‍රීම් ප්‍රවාහන කරන ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ පොල්කටු ලොරියේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි තරුණයන් තුන්දෙනෙකු බව පොලිසිය සඳහන් කළේය.
පොල්කටු ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් අධික වේගයෙන් ගලේවෙල දෙසින් අනෙකුත් වාහන වලට ඉස්සර කරමින් ධාවනය කරද්දී එක වරම ත්‍රීරෝද රථයක හැපී ලොරි රථය පෙරළී ගොස් මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක සහ අයිස්ක්‍රීම් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයද ගැටී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
ත්‍රීරෝද රථය දඹුල්ල දෙසින් ගලේවෙල දෙසට ධාවනය වෙමින් තිබී ඇත. ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට බරපතළ තුවාල සිදුවී ඇති බව දඹුල්ල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
අනතුරත් සමඟ පොල්කටු පිර වූ කුඩා ලොරි රථ සහ ත්‍රීරෝද රථය පෙරළී ගොස් මාර්ගය පුරා පොල්කටු විසිරී තිබෙන අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.



2025 දෙසැම්බර් මස 18
389
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉබ්බංකටුවේදී වාහන හතරක් ගැටී 5ක් රෝහලේ