(යොහාන් භාසුර)
රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බවත් එවැනි හිඟයක් ඇතිවේ යැයි අසත්‍ය ප්‍රචාර කිරීමෙන් ජනතාව කබලයට පත්වන්නේ යැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
එවැනි හිඟයක් ඇති වන්නේ නම් ජනතාව දැනුවත් කරන බව කී අමාත්‍යවරයා ඉන්ධන මිල වැඩි වූ අවස්ථාවේදී ද තමන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බව සඳහන් කළේය.
ඉන්ධන හිඟයක් පිළිබඳව ප්‍රකාශ කරන ඇතැම් පුද්ගලයන් ඛනිජ තෙල්වලට සම්බන්ධ කිසිඳු වෘත්තීය සමිතියක සාමාජිකයකු නොවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් ගැනයි, කිරිපිටි ගැනයි කීවත් ඔය ටිකම තමයි. තව නොබෝ දිනකින්ම... දැඩි ලෙස හිඟවෙයි.
මෙයා වගේ කපටියෙක් ලොවෙත් නැහැ. මූණ දැක්කාම පේනවා. මිනිස්සුන්ට තව බොරු කරන්න එපා.
මෙතුමාමනේ කිව්වේ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා. එහෙම කියන්න ඕනේ නෑනේ හිඟයක් නැත්නම්... දෙයක් ප්‍රකාශ කරනකොට ඒකෙ හැම පැත්තක්ම පැහැදිලි කරමින් තමයි රටක පුරවැසියෙකු විසින් නිවැරැදි ප්‍රකාශයන් නිකුත් කරන්න ඕනෑ. මොකද මහ ජනතාව එතුමාගේ හිතේ තිබෙන ආකල්ප ගැන නොදන්නා නිසා දැනටමත් ඉන්ධන පිරවුම් හල් ලඟ දිගු පෝලිම් ගසාගෙන ඉන්ධන හිඟයක් ඇති වේ යැයි බියෙන් මහජනතාව ඉන්ධන හල් වෙත ගොස් ඉන්ධන එකතු කරමින් පවතිනවා. මේ පවතින කොවිඩ් 19 ව්‍යවසන තත්වය මත එවැනි ස්ථානතුළදී වුවද ආසාධිතයින් සැරි සැරීමේ අවදානමක් සහ ආසාධිත තත්වයට පත්වීමේ අවධානමක් පවතින බව කිව යුතු කරුණකි. එවිට එහි වගකීම අමාත්‍යවරයා විසින් ගනු ලබනවද? එසේ නොවේ නම් ප්‍රකාශ සිදු කිරීමට පෙර දෙවරක් සිතා රටේ මහජනතාවට පැහැදිලි වන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම තුළින් මහජනතාව එලෙස එ්කරාශි වීම වළකනු ඇත. ස්තූතියි.
ගින්දර නැතුව දුම එන්නේ නැහැ. හිඟයක් ඇති නම් මෙයා කියන්නට කලින් ජනතාව පොලිමේ ඉන්න කොට දැනගන්න පුළුවන්... අනික සාගර කාරියවසම්ට බයවෙලා වගේ...