(බිඟුන් මේනක ගමගේ )
ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද රාජ්‍ය මුදල් කාරක සභාවට එය ලබාදීම මුදල් අමාත්‍යංශ නිලධාරින් දිගින් දිගටම පැහැර හරින්නේ යැයි එහි සභාපති දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
රාජ්‍ය මුදල් කාරක සභාව පසුගිය ජනවාරි 25 වැනිදා වනවිට අදාළ ඉන්ධන මිල සූත්‍රය ලබාදෙන්නැයි මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්න ද එදින පැවැති කාරක සභා රැස්වීමට අඩුම තරමින් එම අමාත්‍යාංශ නිලධාරින් සහභාගී වුණේවත් නැතැයි සුමන්තිරන් මහතා චෝදනා කළේය.
පසුව යම් යම් ලේඛන කීපයක් කාරක සභාවට යොමු කළ ද ඒවායේ ඉන්ධන මිල සූත්‍රයක් සඳහන් නොවී යැයි කී හෙතෙම ආන්දෝලනයට තුඩු දුන් මෙවැනි කරුණක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරින්ගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි අවධාරණය කර කීය.
රාජ්‍ය මුදල් කාරක සභාවට එසේ යොමුකර තිබූ ලේඛනවල සඳහන් වූයේ ඒ ඒ මාසවල ඉන්ධන මිල ගණන් යැයි ද ඒ අනුව කාරක සභාව නොමග යැවීමට නිලධාරින් උත්සාහ කර තිබීම කනගාටුවට කරුණක් යැයි ද සුමන්තිරන් මහතා කීවේය.
ඉන්ධන මිල සූත්‍රය අනාවරණය නොකිරීම මගින් පෙනීයන්නේ රාජ්‍ය මුදල් පිළිබඳ සැබෑ දත්තවල ප්‍රශ්නයක් ඇති බව යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
ඒ අනුව වහාම සැබෑ ඉන්ධන මිල සූත්‍රය රාජ්‍ය මුදල් කාරක සභාවට ලබාදෙන්නැයි මුදල් අමාත්‍යංශ නිලධාරින්ට නියෝග කළේ යැයි ද සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 වැනිදා සිදු වූ ආණ්ඩු පෙරලියෙන් පසු බලයට පැමිණි ආණ්ඩුව ඉන්ධන මිල සූත්‍රය අහෝසි කළ බව පැවැසූ නමුත් දෙසැම්බර් 20 වැනිදා නැවත බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා එය නැවතත් ක්‍රියාත්මක යැයි පැවැසීය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්ධන මිල සූත්‍රය හංගලා
de silva Tuesday, 05 March 2019 09:52 AM
ලෝකවෙලදපලේ ඉන්ධන මිල ඉහළ යනකොට ආණ්ඩුවට මිල සුත්‍රය මතක් වෙනවා , පහළ යන කොට අමතක වෙනවා ,
Amila Tuesday, 05 March 2019 11:35 AM
ආණ්ඩුව පෙරලනවා කියලා ඉල්ලගන්න පුලුවන්නේ
Bamunuarachchi Tuesday, 05 March 2019 01:44 PM
සුමතිරත්නම් එහෙම කියන්න එපා ඇයි ඉන්ධන මිල සූත්‍රය හංගලා කියන්නේ මොකද ඔයාලත් එක්ක තිබෙන ගිවිසුම අපට එලි කලාද ඒකත් හංගලා නේද හැබැයි හැංගිලා වෙස් මුහුණු බැන්දාට ඔයාලා නටන්නේ එළියේ
gunarthna Tuesday, 05 March 2019 01:53 PM
දැන් අපිද ආපහු මංගලලාට ආණ්ඩුව පිහිටුවන්ට උදව් කෙරුවේ.
වජිර Tuesday, 05 March 2019 02:09 PM
ඡන්දෙ ලං වෙනකොට පුදුම ආණ්ඩු විරෝධයක්නේ ඇවිත් තියෙන්නේ. විපක්ෂ නායකකම තියෙද්දීවත් මෙහෙම හැසුරුනේ නෑනේ.
de silva berlin Tuesday, 05 March 2019 04:02 PM
ඔය මිල සුත්‍රය ප්‍රසිද්ධ කර පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන්න , එතකොට අපිට මේ ගැන බොරුවට කතා කර කර වාද විවාද කරන්න අවශ්‍ය නැත
de silva berlin Wednesday, 06 March 2019 06:36 AM
පක්ෂ පාට ,දේශපාලන මති මතාන්තර කුමක් වුනත් මෙම ප්‍රශ්නය කතාකළ එකට සුමන්තිරන්ට දොස් නගන්න එපා , මේක සිංහල, දෙමල, මුස්ලිම් අපි සැමටම බලපාන වැදගත් ප්‍රශ්නයක්. අනිත් 224 දෙනාම මේ ගැන වචනයක් වත් කතාකරන්නේ නැහැ , අපේ මුදල් වලින් ඩිසල් ගහගෙන, ඔවුන් ප්‍රාඩෝ වල ගිහින් සැප ගන්නවා ,
Chandima Wednesday, 06 March 2019 08:04 AM
මෙච්චර දවසක් විපක්ෂේ හිටියට හැමදාම කතා කලේ අපේ හමුදාවට කටුව ගහන්නයි. ලංකාවේ දෙමල මිනිස්සුන්ට යුද අපරාද කළා, ඒ නිසා වෙනම ස්වාධින රටක් ඕනි කියන එකයි විතරයි. ඔන්න දැන් විපක්ෂේ වගේ රටේ ප්‍රශ්න ගැනත් කතා කරනවා කියල පෙන්නන්න හදනවා.