IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඉන්ධන මිල සූත්‍රය අහෝසි කළේ නෑ - මහ බැංකු අධිපති

(හර්ෂණ තුෂාර සිල්වා)

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කර නැතැයි ද එය වෙනත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වන්නේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (14) පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු සඳහන් කළේය. 

ඉන්ධන මිල සූත්‍රය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා හඳුන්වා දුන් සහන පැකේජය සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය.

      “ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරලා නැහැ. එය වෙනත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වෙනවා. කලින් සිදු වූ පරිදි මාස දෙකෙන් දෙකට මිල වෙනස් වෙන්නේ නැහැ. එහෙත් එය ක්‍රියාත්මක වෙනවා. අපි සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර බැඳීමක් තිබෙනවා. ඉන්ධන මිල සූත්‍රය සකසන ලද්දේ පිරිවැය පැවරීමේ ප්‍රතිපත්ති රාමුව මතයි. විවිධ ආණ්ඩුවල විවිධ ප්‍රතිපත්ති තියෙනවා.

එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති තිබෙනවා. අදාළ වෙනස්කම් කළත් පිරිවැය පැවරීමේ ප්‍රතිපත්ති රාමුව මත ඉන්ධන මිල සූත්‍රය පවත්වාගෙන යා යුතුය යන්න අපේ අදහසයි. 

සහන පැකේජයෙන් ආර්ථිකයට ලොකු බලපෑමක් වුණේ නැහැ. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.03ක් පමණයි. කෙසේ නමුත් එකතු කළ අගය මත බද්ද, රඳවා ගැනීමේ බද්ද යනාදිය පාර්ලිමේන්තුවේ පනත්වලින් තමයි වෙනස් කරන්න ඕනේ. ඒවා සිදු වන්නේ ලබන අවුරුද්දේ”. 

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාවක් ඉදිරිපත්කර ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු යැයි පසුගිය වසරේ අගෝස්තු මාසයේදී  පෙන්වා දුන්නේය.

ඒ අනුව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රයක් ඉදිරිපත් කළ අතර එයට අනුව ඉන්ධන මිල මාස දෙකෙන් දෙකට වෙනස් විය.

පසුගිය දා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරන බව ප්‍රකාශ කළ අතර සහන පැකේජයක් ද නිවේදනය කළේය. 



අදහස් (11)

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කළේ නෑ - මහ බැංකු අධිපති

Nuwan Wednesday, 14 November 2018 02:33 PM

පුංචි රටක් ලෝකෙන්ම විහිළුව බවට බල ලොභී නුගත් මිනිස්සු විසින් පත්කර ඇත...

:       27       203

yaha Wednesday, 14 November 2018 02:55 PM

ඔය මහා බැංකුවේ ඉන්න අයට ආචාර්ය උපාධි ගහලා එන්න සහ වෙන වරප්‍රසාද ලැබෙන්නේ ඔය මහා බැංකුව හරියට පාලනය කරන්න මිසක් ....IMF එකට ඕන විදිහටයි ...දේශපාලකයන්ට ඕනෑ විදිහට නෙමේ. හරියට කරන්න.

:       262       218

KapWednesday, 14 November 2018 04:40 PM

එහෙම වෙන්න ඕනෙමනම් කම්මැලි නැතුව වැඩ කරන්න

:       0       0

naradhaWednesday, 14 November 2018 11:50 PM

අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නැතිව ඉන්ට පුළුවන් නම්, අපිට ඕනේ හැටියට වැඩ කරන්ට පුළුවන්.

:       0       0

abcThursday, 15 November 2018 03:50 AM

එක නෙවෙයිද ඒ ගොල්ලෝ කරන්නේ. මොකක්ද ඔයාගේ පොයින්ට් එක?

:       0       3

KamalThursday, 15 November 2018 03:59 AM

අයිඑම්එෆ් එකට පින්සිද්ද වෙන්න තමා මෙහෙමවත් ආර්ථිකය රුඳිල තියෙන්නේ. ඕනෑම රටකට අයිඑම්එෆ් ණයක් දෙනව නම් දෙන්නේ ණය ගෙවා ගන්න බැරුව ඉන්න කොට. ඊට කලින් අහල බලනව මොන මොන යොජනා පැතිද රජය විසින් ක්‍රියාත්මක කරන්න ඉන්නේ මෙ වගේ ආයෙ නොවෙන්න. එක නිකං අපි බැංකුවකින් ණය ගන්නව වගේ. හැබැයි එකක් තියනව කිව්වොත් කරන්න ඕන. කොටස් කොටස් සල්ලි දෙන්නේ ඒ හින්දා ඉතිරි කොටස ගන්න නං කලින් ආණ්ඩුවම පොරොන්දු වෙච්ච කරන්න ඕන. ඔය කොයි ආණ්ඩුව ආවත් උන්ගේ උදව් ඕන නං ඒක තමා කරන්නේ. අනික උන් බලෙන් සල්ලි දෙන්නේ නෑ. ඔක නිකං හිඟකන මිනිස්සුන්ට අනික් මිනිස්සු සල්ලි දෙන්නෙ කුඩු ගහන්න නෙමෙයි වගේ තමයි. අපිත් එක්තරා ආකාරයකට හිඟන්නො ටිකක් තමයි. උන්ගේ සල්ලි ණයට අරං කුඩු ගහල නාස්ති කරල පස්සේ උන්ට බනිනවා

:       9       51

indra Wednesday, 14 November 2018 04:00 PM

දුප්පත් මහජනයාගේ මුදල් හරියට පාලනය කරන්න.

:       0       0

දිලුම් Thursday, 15 November 2018 02:57 AM

Yaha ඔබ හරියටම හරිි. මේගොල්ලො කරන්නේ වෘත්තියෙ නාමයෙන් රටේ තියන වරප්‍රසාද ඔක්කොම අරගෙන අනෙකුත් සියළුම සේවා වලට වඩා වැඩි වැටුපක් ද EPF හා විශ්‍රාම වැටුපද දෙකම ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕන විදියට මහජනතාව පීඩාවට පත්වන ප්‍රතිපත්තිමය තීරණ ගැනීම. මේ අය නිමක් නැති අධ්‍යයන චාරිකා ගිහින් මොනවා ඉගෙන ගෙන ඇවිත් මේ රටට මොන වරදක්ද කරන්නේ කියන ප්‍රශ්නය මටත් තියනවා. අනික මේ මිනිස්සුන්ගෙ මාසික ඉපයීම් අනුව මිල සූත්‍රය නෙමෙයි මොන සූත්‍රය ආවත් මේ අයට ඒක කැලණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ ඔක්කොම බර සාමාන්‍ය මිනිහට.

:       0       0

athura Thursday, 15 November 2018 04:10 AM

දැන් මහින්ද අගමැතිතුමා ආපු ගමන් කිව්වේ මිල සුත්‍රය අහෝසිකලා කියලා .හැමදාම බොරුව තමයි.

:       13       13

upul Thursday, 15 November 2018 04:44 AM

“ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරලා නැහැ. එය වෙනත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වෙනවා. කලින් සිදු වූ පරිදි මාස දෙකෙන් දෙකට මිල වෙනස් වෙන්නේ නැහැ. එහෙත් එය ක්‍රියාත්මක වෙනවා."

:       10       17

vipula Thursday, 15 November 2018 06:46 AM

එහෙනම් ආයෙමත් මංගල ඇවිල්ලා ලබන දහ වෙනිදා ඉන්දන මිල තවත් අඩුකරයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30616 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12618 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10913 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 802 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site