(රංජන් කස්තුරි)
ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමා තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුලියල් 2 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුලියල් 5 කින් සහ සුපිරී ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින්ද අඩුකර තිබේ.

(රංජන් කස්තුරි)
ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමා තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුලියල් 2 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුලියල් 5 කින් සහ සුපිරී ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින්ද අඩුකර තිබේ.

COMMENTS
මැතිවරණ පෙරහරේ කසකරුවෝ....
අද තමයි මංගලගේ සූත්‍ර අනිත් පැත්තට කැරකිලා තියන්නේ... එහෙමනං ඡන්දයක් ළඟ. දැන් බස් ගාස්තුත් අඩු කරාවිද?
ඡන්දෙ ඉක්මණටම ඒවි...
වැඩි කරත් අඬනවා. අඩු කරත් අඬනවා. මොවුන්ව සනසන්නේ කොහොමද දෙවියනේ...?
ඉන්ධන මිල පහළ දමලා තියෙන්නේ ඡන්දයක් ළඟ නිසාද? නැත්නම් ගියවර බැරල් එක අඩුවුවත් අඩු කලේ නැහැ. අඩු නොකළත් ප්‍රශ්නයක් නැහැ.. මොකද බස් ගාස්තු අඩු කරන්නේ නැහැනේ. අපිව මරාගෙන හරි ගැන හොයන නිසා, ගැන අඩු නොකරන නිසාත්කමක් නැහැ...
ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 අතර ඇත්තේ ඔක්ටේන් 3 ක වෙනසකි. නමුත් ඔක්ටේන් 92 ලීටරයක් සහ 95 ලීටරයක් අතර වෙනස රුපියල් 23 කි. සාමාන්‍යයෙන් රුපියල් 10-15 වෙනසක් සාධාරණය නමුත් රුපියල් 23ක්..? ඔක්ටේන් 95 භාවිත කරන එක පරිසර දූෂණය යම්කිසි ලෙසකින් අඩු කෙරේ. ජර්මනියේ නම් 92 පෙට්‍රල් නැත. තිබෙන්නේ ඔක්ටේන් 95 සිට ඉහළට... නමුත් මේවා අතර මිලේ වෙනස ලංකාවේ මෙන් විශාල නැත. එමනිසා වැඩි දෙනෙක් ඔක්ටේන් ප්‍රමාණය වැඩි ප්‍රමිතියෙන් වැඩි පැට්‍රල් භාවිතා කරති.
එහෙනම් බලාගෙන . රජය අපහසුතාවයට පත්කිරීමට සාටකයන් විසින් ඒකටත් හෙංචියක් ඇදලා මිල ඉහල දමන්න මාන බලයි .ඔවුන් දැන් ඒ තරමට දේශපාලන ලෝකයේ අතරමං වෙලා ඉන්නේ .
වැඩි කරනකොට 10, 15. අඩු කරනකොට රුපියලයි දෙකයි. අන්තිමට බලද්දි වැඩි වෙලා තියෙන්නේ...
එතකොට ඔක්ටේන් 90.5 කීයකින් අඩු වෙනවද?
නිවේදනයට අත්සන් කල "අලි හසන්"ගේ ගෙදර තිබිලා අහු උණු කඩුවලට මොකද වුනේ? ඒ නඩුව දැන් ඉවරද?
ඡන්දෙ අත ළඟ කියන අයට කියන්න පුලුවන්ද ලබන මාසේ 10 වෙනිදාට කලින් ඡන්දෙ තියෙනවද කියලා? මොකද ලබන මාසේ 10 වෙනිදත් මේ විදියට අඩු හෝ වැඩිවෙනවා.. නූගත් ඡන්දදායකයන් ඉද්දී දේශපාලකයෝ කැකුණ තලන එක නවත්තන්න බැහැ.