(රංජන් කස්තුරි)
ඉන්ධන මිල හෙට (21) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දැමෙනු ඇතැයි මහා භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පෙට්රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5ත් 10ත් අතර මිලකින් අඩුවනු ඇතැයිද වාර්තාවේ.
ඉකුත් ඔක්තෝම්බර් මස 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන අවස්ථාවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 ක් වූ අතර අදවන විට එහි මිල ඩොලර් 57 දක්වා අඩුවී තිබේ.
ඒ අනුව මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල පහත වැටෙනු ඇතැයිද පැවැසේ.
COMMENTS
මහින්ද පහළ දාල පෙන්නනකම්ම හිටිය නේද?
තෙල් මිල අඩුවීම ලංකාවේ මිනිස්සුන්ට ලබාදිය යුතු දෙයක්. ඉකුත් ඔක්තෝම්බර් මස 10 වැනිදා සිට අද දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ තෙල් මිල රුපියල් 45කින් අඩුවෙලා තියෙනවා... පෙට්‍රල් ලීටර් 1ක් වෙනුවෙන්. මහජනතාව සුරා කන්න ඉඩ දෙන්න එපා
85:57 = 3:2 ඒ කියන්නේ බොරතෙල් බැරල් එක 1/3 කින් අඩුවෙලා. අනෙක් වියදම්ද සැලකුවාම පෙට්‍රල් ලීටරය අවම රු.120.00 ට වත් දෙන්න ඕන. මහින්ද ඇවිල්ල කලෙත් අඩු කරන්න තිබ්බ ගානට අඩු කරපු එක නෙවෙයි පොඩි ගානකින් අඩු කරපු එක. රනිල් ආවත් අපිට ලැබෙන්න ඕන සාධාරණ ගානටම ලැබෙයි කියල හිතන්න බෑ.
කට්ටිය හිතාගෙන හිටියේ ඉන්දන මිල සූත්‍රය, තෙල් මිල වැඩි කරන්න විතරයි කියල....
මල්ලී කියනකන් අයියලා ඕක දැනගෙන සිටියේ නැහැනේ... තෙල්මිල ඉහළ යනකොට වැඩිවුණු අනික් බඩුමිල දැන් අඩුවුණාද? අඩුකලේ ත්‍රීවීලර් ගාස්තු පමණයි. බස්ගාස්තු අඩුකරන්න කියලා ආණ්ඩුව කියනවාද? මංගලයා හිතුවා හැමදාම තෙල් මිල නගී කියලා.. වැඩිපුර බදු ගහන්න බලාගෙන තමන්ටවත් නොතේරෙන මිලසූත්තරයක් දාගත්තා.
Maheshika රනිල් කලේ 62ක් ජනතාවට හැමදේම උස්සලා පෙන්වන එකනේ. බදු ඉස්සුවා, තෙල්මිල ඉස්සුවා, ජීවන වියදම ඉස්සුවා, ඇමති වැටුප් ඉස්සුවා. ජනතාවත් රනිල්ගේ තරම දැනගත්තේ එහෙම පන්නුවාම තමයි.