(ඩයනා උදයංගනී )
පෙට්ට්‍රල් හා ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5 කින් අඩු කරන බව ඛණිජ තෙල් හා කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව පෙට්‍රල් 92, පෙට්‍රල් 95, ඔටෝ ඩීසල් , සුපර් ඩීසල් මිල ගණන් මෙලෙස අඩු වේ.
COMMENTS
මිල සුත්‍රය අනුවත් මිල අඩුවෙන්න ඕන, බොරතෙල් මිල අඩු නිසා.
මේ රටේ කවුරු අගමැති උනත්, ඒ අය මරා ගත්තත් අපිට වැඩක් නැහැ, අපිට ඕනා තෙල් මිල හා බඩු මිල අඩු වෙන්නයි. දිනපතාම මේ අය ගහගෙන හෝ මරාගෙන රටේ බඩුමිල අඩුවෙනවා නම් අපිට ඒ ඇති!!
මට මතකයි එක සැරයක් අධිකරණ තීන්දුවක් ගෙනල්ලත් පෙට්‍රල් අඩුකළේ නැහැ.
මිල සුත්‍රය අනුව තව රුපියල් දහයක් අඩු වෙන්න ඕනෑ...
ජනතාවට පුදුම ආදරයක්....
ඕවා ඉතින් තාවකාලිකයිනේ...
මිල සූත්‍රය දැන් නෑ කියලා කිව්වේ බොරු නේද ?
සංස්ථාව පාඩු උනාම ගෙවන්න ඕන ජනතාව බව තේරුම් ගන්න.
හොඳයි..... හැම මාසෙම එහෙම කරන්න....
පෙට්ට්‍රල් හා ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5 කින් නොවෙයි, ඊටත් වඩා මිලකින් අඩු කරන්න රජයට පුළුවන්. ඊට හේතුව දැන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ශීග්‍රයෙන් පහත වැටෙමින් තිබෙන බව නොකියා, මේ අඩුකිරීම මහින්දගේ හදවත උණුවී රටේ ජනතාවට කරන සේවයක් හැටියට පෙන්වීමට දරන නීච උත්සාහය හෙලා දැකිය යුතුය.