(චන්ද්‍රසේන ගමගේ)
ලෝක ඉන්ධන මිල පවතින තත්ත්වයේම පැවතියහොත් ඉදිරි සති දෙක තුළදී රටේ ඉන්ධන මිල අඩු කරන්න රජය කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (16) වලස්මුල්ලේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා මෙසේ පැවසීය.
මේ වන විට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලේ යම් අඩුවීමක් සිදු වී තිබෙනවා. අපි හිතන්නේ කොරෝනා වෛරසයෙන් ලෝක ආර්ථිකයට වූ බලපෑම මත ඉන්ධන මිලේද යම් වෙනසක් වුණා කියලයි. කෙසේ වුවද මේ පවතින මිල ඉදිරි සති කිහිපය පුරා පැවතියහොත් රටේ ඉන්ධන මිලද යම් අඩුකිරීමක් කරන්න කටයුතු කරනවා. ඒ පිළිබඳව ජනාධිපති තුමා මෙන්ම අගමැතිතුමාද අවදානය යොමු කර තිබෙනවා.
ඉන්ධන මිල සූත්‍රය නැවත ගෙනඒමට ආණ්ඩුවේ කිසිඳු අදහස් නෑ. ඉන්ධන මිල සූත්‍රය තිබුනානම් ගිය මාසේ 10 වැනිදින රුපියල් 12 ක් ඉන්ධන මිල වැඩි වෙන්න තිබුණා. ඒ වගේම ඉන්ධන මිල සූත්‍රය තිබුනානම් මේ මාසයේ ඉන්ධන මිල රුපියල් 02 න් අඩුවෙන්න තිබුණා. ඉන්ධන මිල සූත්‍රය අහිමි කිරීම නිසා මේ රටේ ජනතාවට යම් අස්වැසිල්ලක් ලැබුණු බව ද ඇමතිවරයා වැඩිෙදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බොරු මිල සුත්‍රය තිබුනා නම් සැමට සාධාරණයක් , සංස්ථාවට පාඩුවකුත් නැහැ , පාරිභෝගිකයටත් ප්‍රශ්නයක් නැහැ , පාරිභෝගිකයාට උදවුකරන්න අවශ්‍ය නම් තෙල් වලට ගහන බද්ද ටිකක් අඩු කරලා , මිල සුත්‍රය නැවත ගෙන එන්න ,
තවත් කැරට් අලයක්.. හොදයි ඇමතිතුමා.. එත් කමක් නෑ, ඡන්දෙ ඉවර වෙනකල් හරි අඩුවට තෙල් ටිකක් හම්බ වුනොත්..
හරි බලමුකෝ. දැන් අඩුවෙන නිසා කියන්නේ මිල සුත්‍රය නිසා කතාවල්. වැඩි උනානම් මොකද කරන්නේ ? හැම 10 වෙනිදාම වෙනස් කරන්න ඕනි නැ, හැබැයි අඩු උනාම අඩු කරන්න ඕනි. මොකද වැඩි වුණානම් අඩු වුණා නම් ඕව කියවන්නේ නැහැනේ නේද. අපි බලමුකෝ මැතිවරනෙන් පස්සේ? කොහොමත් ජනාදි පතිතුමා හැරුනම වෙන එකෙක් ගැනවත් කිසිම විස්වාසයක් නැ.
ඉන්ධන මිල අඩු කිරීමෙන් සාමාන්‍ය ජනතාවට වාසියක් ප්‍රයෝජනයක් වෙන්නේ නැත රු 10 අඩුකලයි කියලා බස් ගාස්තු අඩුවෙන්නේ නැත, අනික් වෙළඳ භාණ්ඩවල මිල අඩුවෙන්නේ නැත වාසියක් වෙන්නේ වාහන හිමියන්ට පමණි. දැන් මිල අඩුකර නැවත මිල වැඩිකරන විට එය විරුද්ධ පක්ෂයට සටන් පාඨයක් වනු ඇත. දැන් සැපද කියා අසනු ඇත. එමනිසා ඉන්ධන මිල එසේම තියාගෙන බදු අඩුකිරීමෙන් රජයේ ආදායමට සිදු උන පාඩුව මකා ගන්න.
අමතක කරන්න එපා ඔබ ගිය ආණ්ඩුවේ හිටිය බව.